mediahumanrights.lk
Local NewsNews

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් ලංකාව ඉතා බරපතල අනතුරක බවද ඒ මහතා අනතුරු අගවයි.

පසුගිය දින දාහතරක් තිස්සේ තුළ මෙරටට පැමිණ අය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඵලක් නැති බවත් අවම වශයෙන් මාසෙකට වත් පෙර පැමිණි අය නිරෝදායනයට ලක් කර පරීක්ෂාවට ලක් කළ යුතු බව ද ඔහු කියා සිටියි.

වෛරස ප‍්‍රභේදයෙන් බේරීම සඳහා අප්‍රිකානු කලාපයට පමණක් රට වසා දැමීමේ තේරුමක් නැතැයි ද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Related posts

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Shiran Viraj

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

Shiran Viraj
Translate »