25 C
Colombo
2025-12-18
mediahumanrights.lk
Local NewsNews

ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

ඉන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.

Related posts

ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්

Shiran Viraj

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

Shiran Viraj
Translate »