mediahumanrights.lk
Local News News

දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන බව ඔවුහු කියති.

මේ ආකාරයෙන් බොහෝ වේලාවක් පෝලිමේ සිටි පුද්ගලයන් එළිමහනට නොපෙනෙන ආකාරයෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් එම දොර වසා දැමීමක් ද සිදු කළහ .

එහිදී පැය ගානක් පෝලිමේ සිටියත් එක් අයෙකුට ලබා දෙන්නේ දුම්වැටි 20ක් අඩංගු එක් පැකට්ටුවක් බව කියමින් ඔවුහු චෝදනා කළහ.

දුම්වැටි මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් අතර කාන්තාවන් ද සිටීම විශේෂත්වයක් වූ බවත් ඔවුන් පැමිණ සිටින්නේ තමන්ගෙ ජීවනෝපාය වෙනුවෙන් පවත්වාගෙන යන හෝටල්, ආපන ශාලා, සිල්ලර කඩ වැනි ව්‍යාපාර වලට පැමිණෙන පාරිභෝගිකයන් ඉල්ලන දුම්වැටි අලෙවි කිරීමට දුම්වැටි තොග ලබා ගැනීමට බවත් දුම්වැටි නොමැතිනම් වෙනත් භාණ්ඩ සහ ආහාර පාන අලෙවි කිරීමටත් ගැටළුවක් වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

Shiran Viraj

හෙරොයින් මත්කුඩු කිලෝ දහතුනේ සැකකරු අද අධිකරණයට

Shiran Viraj

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

Shiran Viraj