27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

උතුරේ කොටි සැමරුම්…

නොවැම්බර් 26 වනදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය ඇතුලු මහවිරු සතිය සැමරීම් සඳහා උතුරේ පොලිස් ස්ථාන පොලිස් ස්තාන කිහිපයක් මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුල්ලියාවලෙයි, මාන්කුලම්, අයියන්කුලම්, ඔඩ්ඩුසුඩාන් සහ මල්ලාවි යන පොලිස් බලප්‍රදේශයන් වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජා මහතා විසින් මුලතිව් දිස්ත්‍රීක්කයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පුද්ගලයින් 64 දෙනෙකුට අධිකරණ තහනම් නියෝගයන් පනවනු ලැබීය.

ඒ අනුව මුලතිව් පොලිස් බලප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකුටද , මුල්ලියාවලෙයි ප්‍රදේශයේ 11 දෙනෙකුට, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ 3 දෙනෙකුට, මාන්කුලම් ප්‍රදේශයේ 09 දෙනෙකුට, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ 14 දෙනෙකුට, අයියන්කුලම් ප්‍රදේශයේ 08 දෙනෙකුට සහ මල්ලාවි පොලිස් බලප්‍රදේශයේ 07 දෙනෙකුට මෙලෙසඅදාල පොලිස් ස්ථාන මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත.

මෙලෙස මහවිරු සැමරුම් සඳහා අධිකරණ තහනම් නියෝග ලැබූවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බල්ම, එස්.ගජේන්ද්‍රන්, හිටපු මන්ත්‍රීවරුන් වූ ශිවසක්ති ආනන්දන්, එස්.සිවමෝහන්, හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම්, ටී.රවිකරන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින්ට ආදි සිවිල් සංවිධාන, අතුරුදහන් වූවන්ගේ සංගම් නියෝජිතයින් මේ අතර වෙයි.

මේ අතර අද දිනයේදී උතුරු පලාතේ සෙසු දිස්ත්‍රීක්කයන් වන වවුනියාව, කිලිනාච්චිය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි මහවිරු සැමරුම් සඳහා අධිකරණ නියෝගයන් ලබා ගැනීමට අදාල පොලිස් ස්ථාන විසින් පියවර ගෙන ඇත.

අධිකරණ තහනම් නියෝගයන් කඩ කොට මහවිරු සැමරුම් සමරන පිරිස් වෙනුවෙන් දැඩි නීතිය ක්‍රියාතමක කිරීමටද පියවර ගන්නා බවට උතුරේ ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ප්‍රථමවරට තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Shiran Viraj

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත නඩු පැවරීමට අල්ලස් කොමිසම තීරණය කරයි

Shiran Viraj

විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..

Shiran Viraj
Translate »