mediahumanrights.lk
NewsPolitical

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ.

යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ මහතා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාල දේශනයෙන් පසු ඔහු ඉතාලිය බලා පිටත් වීමට නියමිතය.

මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ අරමුණ පාප්වහන්සේ මුණගැසී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය වසන් කිරීම බවයි.

නමුත් අගමැති මාධ්‍ය ඒකකයත් විදේශ අමාත්‍යංශයත් නිවේදනය කළේ අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී පාප් වහන්සේ මුණ ගැසීමක් සිදු නොවන බවය.

Related posts

විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලා

Shiran Viraj

පාලන මිලට සැමන් නෑ…

Shiran Viraj

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

Shiran Viraj
Translate »