mediahumanrights.lk
Local NewsNews

ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.

Related posts

මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයි

Shiran Viraj

තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්

Shiran Viraj

ෆේස්බුක් ලයික්ස් වෙනුවෙන් දරුවා බිළිඳුන් නරුම පියෙක්

Shiran Viraj
Translate »