mediahumanrights.lk
NewsPolitical

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝමයක් පිරිස් විවිධ වූ අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සිටියි. එසේ වුවද මෙම තත්ත්වය හමුවේ අප රජයක් ලෙස ඉතාමත් වගකීමෙන් සහ අවබෝධයකින් යුතුව තීන්දු තීරණ ගත යුතුයි.

එහිදී රට වැසීම නිසා ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වන්නේ අඩු ආදායම්ලාභී පවුල් සහ ස්වයං රැකියාවන්හි නිරත පිරිස්.

එසේ හෙයින් සාමාන්‍යයෙන් එදිනෙදා ආදායම් උපයන ස්වයං රැකියා සහ සුළු වෙළඳාමේ නියුතු පිරිස් සඳහා විශේෂයෙන් අවධානය යොමු කල යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යතුමා මෙම අදහස් පල කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

වසංගතය පැතිරීම වළක්වා ගැනීමට රට වසා දැමීම හරිම පහසුය. නමුත් ඒ කාලය තුල සාමාන්‍ය ජනතාවගේ දරු පවුල් රැකගැනීම ඉතාමත් අසීරුයි.

ඒ නිසා කිසියම් ආකාරයෙන් රට වැසීමක් සිදුකරන්නේ නම් එම පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමේ සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අනිවාර්යය කටයුත්තක් මෙන්ම පූර්ව කොන්දේසියක් විය යුතු බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– මහේන්ද්‍ර හරිස්චන්ද්‍

Related posts

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Shiran Viraj

කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj
Translate »