mediahumanrights.lk
Local News News

කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?

– අරුණ පුවත්පතෙන් උපුටා ගැනිමකි…—-

ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී.

ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය.

එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය තොරතුරු පිපාසිත ඔබ වෙත ගෙන එමින් එය අවසානය තෙක් ම ඉතා විචාරශීලිව කියවන මෙන් ඉල්ලා සිටිමි.

මෙම ලිපියේ එන නිගමනයන්ට පදනම් වන මූලාශ්‍ර දැක්වීම සඳහා 1 සිට 20 දක්වා අංක යොදා ඇත.මෙම පරිවර්තනයට පාදක කරගත් මුල් ලිපිය කියවීම සඳහාත්, එකී මූලාශ්‍ර පරීක්ෂා කිරීම සඳහාත් පහතින් දැක්වෙන දිගුවට පිවිසෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

(මෙහි එන කරුණු කිසිවක් පරිවර්තක වන මාගේ අදහස් නොවන බව කාරුණිකව සලකන්න).

ජර්මනියේ වෛද්‍යවරුන් 500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘තොරතුරු සඳහා වෛද්‍යවරු’ ( Doctors for Information) නම් සංවිධානය ජාතික පුවත්පත් සාකච්ඡාවකදී ලොව තිගැස්සෙන ප්‍රකාශයක් කෙළේය: (1)German group of Doctors For Information

‘ කොරෝනා භීතිය නාට්‍යයකි. එය වංචාවකි. බරපතල වංචාවකි. අප ගෝලීය අපරාධයක මධ්‍යයේ සිටින බව තේරුම් ගැනීමට මෙය කාලයයි

ප්‍රධාන පෙලේ මාධ්‍යවලින් ප්‍රචාරය කරන දැවැන්ත වැරදි තොරතුරු පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ දැනුමැති කණ්ඩායම සෑම සතියකම පිටපත් 500,000  වෛද්‍ය පුවත්පතක් ප්‍රකාශයට පත් කරයි. මිලියන 12 ක ජනතාවක් සහභාගි වන බවට, නම් ලබාදුන් එසේම මිලියන ගණනක ජනතාවක් ඇත්ත වශයෙන් ම සහභාගි වූ 2020/08/29 වන දින පැවැත් වූ විරෝධතා ව්‍යාපාරය ආකාරයේ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාර ඔව්හු යුරෝපයේ සංවිධානය කරති.

මෙම 500කට අධික වෛද්‍යවරු මේ Covid-19 වසංගතය ගෝලීය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? අප නොදන්නා එහෙත් ඔවුන් දන්නා දෙය කුමක් ද?

මෙම වසංගතය කලින් සැළසුම් කර ඇති බව සිය ගණනක් ස්පාඤ්ඤ වෛද්‍යවරු පවසති.

ස්පාඤ්ඤ වෛද්‍යවරු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘සත්‍යය සඳහා වෛද්‍යවරු’ (Doctors for Truth) නම් සංවිධානය පුවත්පත් සාකච්ඡාවකදී එවැනිම ප්‍රකාශයක් ⁣කෙළේය.

‘ කොවිඩ් –19 යනු දේශපාලන අරමුණු සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ වසංගතයකි. මෙය සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනයෙන් සමාවක් ලබා ගත හැකි ලෝක ආඥාදායකත්වයකි. සත්‍යය පතුරුවා හැර මෙම අපරාධ මෙහෙයුම නතර කරන ලෙස අපි වෛද්‍යවරුන්ගෙන්මාධ්‍යවලින් සහ දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.’ (2)Spanish group of Doctors For Truth

ජර්මනිය සහ ස්පාඤ්ඤය උදාහරණ දෙකක් පමණි. මෙවැනිම වෛද්‍ය ප්‍රවීනයින් සිය ගණන්වලින් සමන්විත විශාල කණ්ඩායම් ලොව පුරා රටවල් වල සිටිති.

කොවිඩ්-19 , සාපරාධී මෙහෙයුමක් ලෙස හෙළි කරන PLANDEMIC නම් වූ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්වන වාර්තා චිත්‍රපටයට වෛද්‍යවරුන් 27,000 කට වැඩි පිරිසක් සහාය දක්වයි!

ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනක් කොවිඩ්-19 වසංගතය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් අපට නොලැබෙන තොරතුරු මොනවාද?

පහත දැක්වෙන කරුණු දෙස විවෘත මනසකින් බලන ලෙසටත් පසුව ඔබේම නිගමනවලට පැමිණෙන ලෙසටත් මම ඔබට ආරාධනා කරමි.

COVID-19 පරීක්ෂණ ක්‍රමයක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 දී!

රිචඩ් රොත්ස්චයිල්ඩ් (Richard Rothschild) නම් පුද්ගලයා 2015 දී නෙදර්ලන්ත රජයේ සංවිධානයක් සමඟ එක්ව ‘ COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක්’ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇත.
2015 දී, එනම් රෝගය ඇතිවීමටත් වසර හතරකට පෙර COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක් සකස් කර ගෙන තිබේ.(2b)Richard Rothshild patented a testing method for COVID-19 in 2015

COVID-19 පරීක්ෂණ කට්ටල මිලියන ගණනක්
2017 
සහ 2018 දී විකුණා ඇත

අප දන්නා පරිදි COVID-19 රෝගය 2019 අග වන විට චීනයේ ඇති විය. එබැවින් එය COVID-19 ලෙස නම් කරන ලද අතර එය Corona Virus Disease-2019 සඳහා වන කෙටි යෙදුම ය. එය කෙසේ වෙතත්, World Integrated Trade Solution(WITS) හි එන තොරතුරු විශ්මය ජනක දෙයක් පෙන්නුම් කරයි:

ඒ COVID-19 ඇති වීමට වසර දෙකකට පෙර එනම් 2017 සහ 2018 වසරවල දී COVID-19 සඳහා වූ පරීක්ෂණ කට්ටල (Covid-19 Diagnostic Test Instruments යන නමින්ම) මිලියන සිය ගණනක් ලොව පුරා බෙදා හැර ඇති බවයි.

එහෙත් යමෙකු විසින් මෙම අපකීර්තිමත් තොරතුර 2020 සැප්තැම්බර් 05 වන දින සමාජ
මාධ්‍යවල පළ කරන ලදී. ඊළඟ දවසේ එය ලොව පුරා ලැව් ගින්නක් සේ ප්‍රචාරය විය. එවිට හදිසියේ ම සැප්තැම්බර් 06 වන දින World Integrated Trade Solution(WITS) විසින් මුලින් යොදා තිබූ නම වූ ‘COVID-19’ යන්න කපා හැර ඒ වෙනුවට ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල( Medical Test Kits)’ ලෙස නිශ්චිත නැති නමක් යෙදීය.

එහෙත් වෙළඳාමේ දී මෙවැනි දේ සඳහා අවසරයක් නැත. මක්නිසාද යත් විවිධ රෝග සඳහා පරීක්ෂණ කට්ටල වර්ග බොහොමයක් තිබෙන බැවින් ඔබ නිශ්චිත විය යුතුය (නිශ්චිත වචන යෙදිය යුතුය).

මෙම තොරතුර ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ඔවුන් විසින් ‘COVID-19’ යන නිශ්චිත පදය ඉවත් කිරීමෙන් සනාථ වන්නේ ඒ ගැන වෙන කිසිවෙකු දැන ගන්නවාට ඔවුන් කැමති නැති බවය. කෙසේ වෙතත් ඔවුන්ට එක් විස්තරයක් මකා දැමීමට අමතක විය: ඒ මෙම ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල’ සඳහා වූ නිෂ්පාදන කේතය වන 300215 යි. එහි තේරුම: ‘COVID-19 පරීක්ෂණ කට්ටල ( Covid-19 Diagnostic Test Instruments) යන්නයි.

වසන් කිරීමට ඔවුන් ප්‍රමාද වැඩි විය. දැන් මෙම තීරණාත්මක තොරතුරු ලොව පුරා මිලියන සංඛ්‍යාවක ජනතාවක් වෙත හෙළිදරව් වී ඇත.
(මෙම දත්ත සහිත PDF එක බාගත කර ගැනීමට මුල් ලිපියට පිවිසෙන්න https://www.stopworldcontrol.com/2017-covid19-testkits.pdf)

COVID-19 ආරම්භයට වසර දෙකකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයයුරෝපා සංගමයචීනය සහ ලොව පුරා ජාතීන් විසින් COVID-19 සඳහා රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ උපකරණ මිලියන ගණනක් අපනයනය කිරීම ආරම්භ ඇත.

COVID-19 ‘ව්‍යාපෘතිය
2025 
දක්වා සැලසුම් කර ඇත

COVID-19 යනු 2025 මාර්තු අවසානය දක්වාම කරගෙන යාමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි! එබැවින් එහි අරමුණ තවත් අවුරුදු පහක් සඳහා එය දිගටම කරගෙන යාමයි. (2 C)World Bank shows planned end date of project COVID-19

ඊළඟ අවුරුදු දෙක තුළ වසංගතයක් ඇතිවන බව ඇන්තනි ෆවුසි 2017දී සහතික කොට කියයි.

2017 දී ඇන්තනි ෆවුසි අමුතු නිශ්චිතභාවයකින් යුතුව ඉතා අමුතු අනාවැකියක් පළ කළේය. ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුදුමාකාර ලෙස පැතිර යන බව ෆවුසි පූර්ණ විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය. ඔහු පැවසූ දේ මෙන්න: (3)Fauci guarantees an outbreak with the next two years.

කිසිදු ප්‍රශ්නයක් නොමැත.එය බෝවන රෝග පිළිබඳ ක්ෂේත්‍රයේ ඉදිරි පරිපාලනයට අභියෝගයක් වනු ඇත.

ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.

ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ වසංගතයක විශ්මය ජනක පැතිරයාමක් සිදුවනු ඇතැයි ෆවුසි සහතික කොට කියන්නේ කෙසේදඔහු දැන සිටි එහෙත් අප නොදන්නා දෙය කුමක් ද?

“ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”

ඇන්තනි ෆවුසි

ළඟ එන ගෝලීය වසංගතයක් ගැන බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සහතික කොට කියති.

මිලියන 30 ක ජනතාවක් අතුගා දැමිය හැකි ගෝලීය වසංගතයක් මග එන බව 2018 දී බිල් ගේට්ස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉදිරි දශකය තුළ මෙය සිදුවනු ඇතැයි ඔහු පැවසීය. (4)Bill Gates announced a global pandemic

සකස්කරන ලද වෛරසයක් මානව වර්ගයාට විශාලතම තර්ජනයක් වන අතර ඉදිරි වසරවලදී මෙය මානව වර්ගයාට බලපානු ඇති බවට මෙලින්ඩා ගේට්ස් පැවසීය. (5)Melinda Gates says humanities greatest threat is an engineered virus

“ගෝලීය වසංගතයක් මග එයි.
සකස්කරන ලද වෛරසයක් යනු මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනයයි.
මෙය සිදුවන්නේ ඉදිරි දශකයේදී ය.”

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස්

ඔවුන් කියා සිටින්නේ ලෝකයේ අධික ජනගණත්වය මෙම මග එන ගෝලීය වසංගතය සහතික කරන බවයි. නමුත් අපි අවංක වෙමු: පෘථිවියේ වැඩි කොටසක් ජනාවාස වී නොමැත. ඇ⁣මෙරිකාව හරහා ගුවන් යානයකින් පියාසර කරන විට කවුළුවෙන් පිටත බලන්න. ඔබට බොහෝ විට හිස් ප්‍රදේශ පෙනේවි. අතන මෙතන පිහිටි නගර කිහිපයක් පමණක් ඇත. එක්සත් ජනපදයේ බොහෝමයක් ප්‍රදේශ තවමත් පළල්ව පැතුරුණු විවෘත හිස් බිම් ය. සෙසු ලෝකයට ද එය එසේම වේ. ඕස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දියාව, චීනය, ඇමරිකාව, අප්‍රිකාව….මිනිස් වාසයක් නැති ප්‍රදේශය. බිල් ගේට්ස් අප ලවා විශ්වාස කරවන්නට හදන තරමට අපේ පෘථිවිය ජනාකීර්ණ නොවේ. මෙම ලෝක සිතියම එය පැහැදිලිව පෙන්වයි.

පෘථිවියේ වැඩි ප්‍රදේශයක කිසිදු මිනිස් වාසයක් නැති තරම්ය. එබැවින්ලෝකයේ අති විශාල ජනගහනයක් ඇති අතර ඒ නිසා එය මග එන ගෝලීය වසංගතයකට මුහුණ දීමට නියමිතය යන අදහස බොරුවකි.

ගුවන් ගමන් මගින් ගෝලීය වසංගතයක් ඇති වන බව ද ගේට්ස් කියා සිටියේය. නමුත් පසුගිය ශතවර්ෂයේ ගණනය කළ නොහැකි තරම් සංඛ්‍යාවක් පුද්ගලයින් ගුවන් යානා වල ගමන් කර ඇත.ගෝලීය වසංගත රෝග නිරන්තරයෙන් පැතිරයාමට එය හේතුවක් වූවාද? කිසිසේත් ම නැත!

ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇතිවන බවට සහතිකව ප්‍රකාශ කිරීම සඳහා හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළ තර්ක බොරු ය. එබඳු සහතික කළ අනාවැකි පැවසීමට පැවති සැබෑ පදනම කුමක්ද?

වසංගතයක් සදහා පුහුණුවීම

වසංගතය ඇති වීමට මාස කිහිපයකට පෙර, ලොව අංක එකේ එන්නත් බෙදාහරින්නා වන බිල් ගේට්ස් නිව්යෝක් නගරයේ උත්සවයක් සංවිධානය කළේය. සිදුවීම කුමක් දැයි අනුමාන කළ හැකිද? එය ‘කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක්’ . ඔව්! ඔබ එය කියෙව්වා නිවැරදිව ය.

බිල් ගේට්ස් කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කළේය.

ශ්‍රවණාගාරයෙහි තිබෙන විශාල තිරය මත මුද්‍රණය කොට ඇති අකුරු ඔබට පෙනේ. වසංගතයක් බවට පත්වන සිදුවීම සඳහා අප සූදානම් විය යුතුය. මෙම වසංගත අභ්‍යාසය Event201 ලෙස නම් කරන ලද අතර එය සිදු වූයේ 2019 ඔක්තෝම්බර් මාසයේදී ය.

ඔවුන්ගේ නිගමනය වූයේ සියලු මනුෂ්‍ය වර්ගයාට එන්නත ලබා දිය යුතු බවය.

Event201 හි අරමුණ වූයේ කොරෝනා වෛරස් වසංගතයක් සඳහා ලෝකය සූදානම් කිරීමයි.

ඊළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු තුළ වූ උද්යෝගය

කොරෝනා වසංගතයක් සඳහා වූ මෙම අභ්‍යාසයයෙන් ටික කලකට පසු එය බිල් ගේට්ස් ට්විටර් පණිවිඩයක් මගින් පළ කළේය:

ගෝලීය සෞඛ්‍යයේ හොඳම මිලදී ගැනීම් වලින් එකක් සඳහා ඊළඟ වසරේ කුමක් අදහස් විය හැකිද යන්න ගැන මම වික්ෂිප්ත වෙමි: එන්නත්.

මේ ගැන සිතා බලන්න: ලෝකයේ අංක එකේ එන්නත් බෙදාහරින්නා ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇති විය හැකි බවට සහතික වීමත්, ඔහුගේ බිරිඳ අප සැවොම ඉංජිනේරුමය වෛරසයකට බිය විය යුතු බව පැවසීමත්, ඔවුන් මග එන ගෝලීය වසංගතයක් සඳහා ව්‍යායාමයක් සංවිධානය කිරීමත්, එන්නත් එකම විසඳුම වනු ඇතැයි පැවසීමත්, මීළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු කෙතරම් උද්දාමයට පත්වේදැයි ට්විටර් හි පළ කිරීමත්, ඉන් ඉක්බිතිව, නිවේදනය කරන ලද වසංගතය පුපුරා යාමත් පිළිබදව සිතා බලන්න.

ඇත්ත වශයෙන්මබිල් ගේට්ස් ප්‍රකාශ කරන්නේ මානව වර්ගයාට ඇති එකම විසඳුම ඔහුගේ එන්නත් මිලදී ගැනීම බවයි.

2020 දී ඇතිවන කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව 2013 දී අනාවැකියක්:

2013 දී සංගීතඥයෙක් ‘පැන්ඩමික්’ (PANDEMIC) නමින් ගීතයක් ලිවීය. මිලියන ගණනක් මිනිසුන් මරා දමන, ආර්ථිකයන් වසා දමන සහ කැරලි ඇති කරන ගෝලීය වසංගතයක් ගැන ඔහු සිය පද රචනයෙන් විස්තර කළේය.

අවුරුදු හතකට පසු අපේ ලෝකයේ අපි අද දකින දේ ඔහුගේ ගීතය වචනවලින් විස්තර කරයි.

වසංගතයේ නිශ්චිත වර්ෂය: 2020 සහ
නිශ්චිත වෛරස් වර්ගය: කොරෝනා වෛරසය යන්න පවා ඔහු සඳහන් කළේය. (6) Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020 මෙය 2013 දී ඔහුගේ පද රචනයේ පේළියකි:

‘2020 කොරෝනා වෛරසය සමඟ ඒකාබද්ධව සිරුරු ගොඩගැසීම

මෙම ගීතය ඇමරිකාව පුරා දැන් පැතිර යන කැරලි ගැන ද පුරෝකථනය කර ඇත:

රාජ්‍යයේ පිටත වීථිවල කැරලි ඇතිවෙනවා. එය ඔබගේ දොරකඩටත් එනවා

2020 දී කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවිය හැකි බවත්, මෙම වසංගතයේදී කෝලාහල ඇතිවිය හැකි බවත් මෙම සංගීතඥයා 2013 දී දැනගත්තේ කෙසේද? ඔහු එය මෙසේ පැහැදිලි කරයි.

” මම 2012 දී පර්යේෂණ කළා. කියවන්න කුමන්ත්‍රණ න්‍යායන්’ (‘Conspiracy Theories). ඔබ දන්නවාමාධ්‍යයන් ට අවශ්‍ය නැහැ අප එම විමර්ශනයන් දැන ගන්නවාට. එම න්‍යායන්ට අනුව, 2020 – 2030 දශකය තුළ වසංගතයක් ඇති වීමට නියමිතව තිබුණා. ඒනිසා මම ඒ ගැන Pandemic නම් ගීතය ලිව්වා.

ගෝලීය කොරෝනා වෛරස් වසංගතයකට සූදානම් වන්න

ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය විසින් (The Global Preparedness Monitoring Board/ GPMB) 2019 සැප්තැම්බරයේ දී එනම් කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමට පෙර ‘අවදානම් සහිත ලෝකයක්’ නමින් වාර්තාවක් නිකුත් කරන ලදී.

කොරෝනා වෛරස් රෝගයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කෙරිණි!

වාර්තාවේ පිට කවරයේ කොරෝනා වෛරසයක පිංතූරයක් සහ මුහුණු ආවරණ පැළඳ සිටින පුද්ගලයින්ගේ පිංතූරයක් ඇත.

අපි එම වාර්තාවේ එන පහත දැක්වෙන රසවත් ඡේදය කියවමු:

” මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (WHO ද ඇතුළුව) අඩු තරමින් පද්ධතිමය වශයෙන් පුහුණු හා සමාකරණ අභ්‍යාස දෙකක් වත් පවත්වයි.

ඔබට එය තේරුණාද?

මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා ඔවුන් පුහුණුවීම් කර ඇත.

චීනයෙන් පැතිරීම නිවේදනය කරයි

2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය )The Institute for Disease Modeling) විසින් චීනයේවුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වී මිලියන ගණනක් මිනිසුන් මරා දමන උණ වෛරසයක් පෙන්වන වීඩියෝවක් නිපදවන ලදී. ඔවුන් එය හැඳින්වූයේ ‘ගෝලීය උණ වසංගතයක් සඳහා වූ සමාකරණයක්’ (A Simulation For A Global Flu Pandemic) යනුවෙනි. දැන් එය හරියට ම වසර දෙකකට පසුව සිදු වී ඇත. එය චීනයෙන් පැමිණෙනු ඇතැයි ඔවුන් කීවේ ඇයි? තවත් බොහෝ රෝග ඇති අප්‍රිකාවෙන් පැමිණෙන බව නොකීවේ ඇයි? නැත්නම් දකුණු ඇමරිකාවෙන් , එසේත් නැත්නම් ඉන්දියාවෙන් යැයි නොකීවේ ඇයි?

මුළු ලෝකයට ම ආසාදනය වන උණ වෛරසයක් චීනයෙන් පැමිණෙන බවත්චීනයේත් වූහාන් ම ආරම්ක ප්‍රදේශය ලෙසත්ඔවුන් දැන සිටියේ කෙසේද?.

මෙම කොරෝනා වෛරසය නිර්මාණය කරන ලද්දක්ද?

වෛරසය පැමිණියේ කොහෙන්ද? ලොව ප්‍රමුඛතම ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) ය. එය ආරම්භ වූයේ වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 වලින් බව ඔහු ට අවබෝධව තිබේ.

මෙම විද්‍යාගාරය කොරෝනා වෛරස සංවර්ධනයට සුවිශේෂකරණය කර තිබේ.

ඔවුන් දැනට පවතින වෛරස් ගෙන ඒවා අවි බවට පත් කරයි. ඒවා වඩා භයානක වන අතර ඒවා ජීව විද්‍යාත්මක අවි ලෙස භාවිතා කිරීම ඉන් අදහස් කෙරේ. ඊළඟ මිනිත්තු දෙකේ වීඩියෝ පටයේ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශකයෙකු වන ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) සහ ජනාධිපති ට්‍රම්ප් මෙම වෛරසය වුහාන්හි විද්‍යාගාරයෙන් පැමිණි ආකාරය ගැන කතා කරයි.

දැන් අපි මෙහි සිත්ගන්නා සුළු කොටසට පැමිණෙමු: 2015 දී ඇන්තනි ෆවුසි විසින් මෙම විද්‍යාගාරයට ඩොලර් මිලියන 3.7ක් ලබා දී තිබේ.

ඉදිරි වසර දෙක තුළ වෛරස වසංගතයක පුපුරා යාම සහතික කළ එම පුද්ගලයාම කොරෝනා වෛරස නිපදවන විද්‍යාගාරයකට ඩොලර් මිලියන 4 කට ආසන්න මුදලක් ලබා දුන්නේය. මාධ්‍යවේදියෙකු ඇන්තනි ෆවුසි විසින් වුහාන් විද්‍යාගාරයට ලබා දුන් මෙම ප්‍රදානය ගැන ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසනවා මෙහි එන කුඩා වීඩියෝ පටයක දැක්වේ.

කෙසේ වෙතත් වුහාන් හි මෙම වෛරසය ඇති විය හැකි තවත් විකල්ප ක්‍රම තිබේ. සමහරු විශ්වාස කරන්නේ එය පැමිණියේ කොරෝනා වෛරස ආයුධ බවට පත් කිරීමට කටයුතු කරන වුහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් (Wuhan Virology Institute) බව ය.

කොරෝනා වයිරස් වසංගතය පුරෝකථනය කළ චිත්‍රපට

පුරෝකථන ක්‍රමලේඛනය (Predictive programming) යනු ළඟදීම සිදුවීමට නියමිත සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය යි. පසුගිය වසරවල ගෝලීය කොරෝනා වයිරස් වසංගතයක් පිළිබඳව චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා කිහිපයක් නිෂ්පාදනය කරන ලදී.

‘Dead Plague’ චිත්‍රපටයේ කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් නිරූපණය වන අතර ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරෝක්වයින් ගැන පවා සඳහන් කරයි.

සමාජීය දුරස්ථභාවය, මුහුණු ආවරණ, අගුලු දැමීම, අත් සේදීම යනාදිය සමඟ කොරෝනා වෛරසයක් ගෝලීයව පැතිරෙන ආකාරය ‘Contagion’ නම් තවත් චිත්‍රපටයකින් පෙන්නුම් කරයි

වචනාර්ථයෙන් අප දැන් දකින සෑම දෙයක්ම මෙම චිත්‍රපට වල විස්තරාත්මකව පුරෝකථනය කර ඇත.

2012 පැවති ඔලිම්පික් Summergames වලදී වසංගතය නිරූපණය විය

2012 පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ (Summer Olympics-2012) සමාරම්භක උළෙලේ දී මුළු ලෝකයේම දෑස් ඉදිරිපිට කොරෝනා වෛරස් වසංගතයක් නිරූපණය කෙරුණි. රෝහල් ඇඳන් දුසිම් ගණනක්, හෙදියන් විශාල සංඛ්‍යාවක් පාලක පද්ධතියක රූකඩ බවට පත් වීම, මරණය සැඟවී සිටීම, යක්ෂ යෝධයෙක් ලොව පුරා නැගී එන අතර මුළු රංග ශාලාවම කොරෝනා වෛරසයක් මෙන් අහසින් පෙනෙන ආකාරයට ආලෝකමත් වීම එහිදී සිදු විය.

ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩා සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස් වසංගතයක් පෙන්වූයේ ඇයි?

2008 දී අනාවැකි පළ කළ ගෝලීය අගුළු දැමීම.

කතුවරයකු සහ විමර්ශකයකු වන රොබින් ඩි රුයිටර් (Robin de Ruiter) 2008 දී ගෝලීය අගුළු දැමීමක් සිදුවනු ඇති බවට අනාවැකි පළ කළේය.

අධිකාරවාදී පාලනයෙහි නව ලෝකයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විය හැකි බව ඔහු පැවසීය.

2008 අතීතයේ දී ඔහු ලියූ බොහෝ දේ දැන් අපේ ඇස් ඉදිරිපිටම සිදුවෙමින් පවතින නිසා මෙම පොත නැවත ප්‍රකාශයට පත් කර ඇත.

සැලසුම් කළ වසංගතය ගැන ජනමාධ්‍යවේදී හු අනාවැකි පළ කළහ

ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් ( Harry Vox ) සැලසුම් සහගත ගෝලීය වසංගතයක් ගැන 2014 දී අනාවැකි පළ කළ අතර ‘පාලක පංතිය’ එවැනි දෙයක් කරන්නේ කුමක් නිසාදැයි කියා සිටියේය.

පාලක පංතිය ඔවුන්ගේ පාලනය කිරීමේ ක්‍රමෝපායන් නමැති මෙවලම් කට්ටලය සම්පූර්ණ කිරීමට තවදුරටත් කිසිවක් කළ නොහැකි තැනක නතරවනු ඇත. ඔවුන්ගේ එම මෙවලම් කට්ටලයේ නැති ඇති එක් දෙයක් වන්නේ නිරෝධායන සහ ඇඳිරි නීතියයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එයින් ආසාදනය වීම සහ පාලනයේ ඊළග අදියර නිර්මාණය කිරීම මෙහි සැලසුමයි.‘(7)Harry Vox predicted the global pandemic

අනාගතය සඳහා වූ කෙටුම්පත(Scenario For The Future)’

මෙම කීර්තිමත් පර්යේෂකයා රොක්ෆෙලර් පදනමේ ( Rockefeller Foundation) සුප්‍රසිද්ධ කෘතියකට (Scenario For The Future Of Technology And International Development) යොමු වී ඇති අතර, දැන් සිදුවෙමින් පවතින සෑම දෙයක්ම වචනයෙන්ම අනාවැකි ලෙස කියා ඇත: ගෝලීය වසංගතය, අගුලු දැමීම, ආර්ථිකයේ බිඳවැටීම සහ අධිකාරී පාලනය පැනවීම.

මේ සියල්ල භයානක නිරවද්‍යතාවයකින් යුතුව එය සිදුවීමට වසර දහයකට පෙර
විස්තර කර ඇත.

එම කෘතියේ නම තාක්ෂණයේ සහ ජාත්‍යන්තර සංවර්ධනයේ අනාගතය සඳහා වන කෙටුම්පත’ ( Scenario For The Future Of Technology And International Development) යන්නයි. (9) Scenario for the future described global pandemic එය සියල්ලම පවසයි.

එහි අතීතයේ සිදු වුණා නම් යැයි පවසමින් ගෝලීය වසංගතයක් ගැන වාර්තා කරන LockStep නම් පරිච්ඡේදයක් ඇත.එහෙත් එය පැහැදිලිවම අනාගතය සඳහා පෙරහුරුවක් ලෙස අදහස් කෙරේ.

2010 දී රොක්ෆෙලර් පදනම විසින් ප්‍රකාශිත අනාගතය සඳහා වූ කෙටුම්පතේ 2020 ඇති වන වසංගතය භයානක ලෙස විස්තර කර ඇත.

එහිදී, ඔවුන් විසින් පුරෝකථනය කරන ලද වසංගතයට ඇමෙරිකාව සහ චීනය දක්වන එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් සංසන්දනය කරයි. ඇ⁣මෙරිකා එක්සත් ජනපදය මිනිසුන්ගේ ගුවන් ගමන් දැඩි ලෙස අධෛර්යමත් කළ අතර චීනය සියළු පුරවැසියන් සඳහාඅනිවාර්‍ය නිරෝධායනයක් ක්‍රියාත්මක කළේය. පළමු ප්‍රතිචාරය මගින් වෛරසය තව තවත් පැතිරීම සිදු කරන බවට චෝදනා කරන එය හුස්ම හිරවන අගුළු දැමීමක් යෝජනා කරයි.
මෙසේ ඒකාධිපති පාලනය ක්‍රියාත්මක කිරීම විස්තර කරයි.

වසංගතය අතරතුරලොව පුරා සිටින ජාතික නායකයින් තම අධිකාරි බලය යොදවා දුම්රිය ස්ථාන සහ සුපිරි වෙළඳසැල් වැනි මහජනයා ගැවසෙන තැන් වලට ඇතුල් වීමේදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳීමේ සිට ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් දක්වා තද නීති රීති සහ සීමාවන් පැනවූ හ.

පැහැදිලිව ම අධිකාරි බලය යෙදවීම අපේක්ෂිත ප්‍රතිචාරයයි.නමුත් මෙම ‘අනාගතය සඳහා වූ කෙටුම්පත’ ට අනුව
එය වඩාත් නරක අතට හැරෙයි.

පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි වූ මෙම අධිකාරී පාලනය සහ අධීක්ෂණය වසංගතය මැකී ගිය පසු පවා නතර ව තීව්‍ර විය.

සංවර්ධිත රටවල මෙම උච්ච වූ අධීක්ෂණය විවිධ ස්වරූපයන් ගත්තේය: නිදසුනක් වශයෙන්සියලු පුරවැසියන් සඳහා ජෛවමිතික හැඳුනුම්පත් (Biometric IDs) සහ ජාතික අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ප්‍රධාන කර්මාන්ත දැඩි ලෙස නියාමනය කිරීම ගත හැකිය.

මෙම අනාගතය සඳහා වූ කෙටුම්පතට අනුව (Scenario For The Future) ගෝලීය වසංගතයආරක්ෂිතව සිටීම සඳහා මිනිසුන් තම නිදහස සිය කැමැත්තෙන් ම පාවා දෙන උග්‍ර පාලනයක් ඇති කරයි.

ගෝලීය පාලනය සඳහා අත්පොත

ප්‍රකාශිත වසංගතය ඇත්ත වශයෙන්ම දැන් මෙහි ඇති හෙයින්, රොක්ෆෙලර් පදනම තම දෙවන පියවර සමඟ ඉදිරියට පැමිණියේ ය. එය වසංගතය අතරතුර නව පාලන පද්ධති ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොතකි (National Covid-19 Testing Action Plan). අවශ්‍ය සියලු පාලන ජාලා ක්‍රියාත්මක වූ විට පමණක් ලෝකය නැවත විවෘත කළ හැකිය.

උක්ත රොක්ෆෙලර් ග්‍රන්ථ දෙක ඒකාබද්ධ කළ විට, පහත සැලැස්ම හෙළි වේ.

1) . පළමුව ඔවුන් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කර එමගින් කුමක් සිදු විය යුුතුද යන්න කියා පායි:එනම් සම්පූර්ණයෙන්ම නව ඒකාධිපති පාලනයක්.

2) . දෙවනුව ඔවුන් මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික පියවර කියා දෙයි.

” වඩාත් සම්පූර්ණ සම්බන්ධතා ලුහුබැඳීම සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් යෙදුම් සහ පුද්ගල-ආරක්‍ෂිත ලුහුබැඳීම් මෘදුකාංග පුළුල් ලෙස භාවිතා කළ යුතුය.

කොවිඩ් –19 වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහාජනගහනයෙන් බහුතරයක් සතිපතා පරීක්ෂා කළ යුතුය”.

මෙම ‘ අනාගතය සඳහා වූ කෙටුම්පතට ‘ අනුව, එන්නත් ලබා ඇත්තේ කව්රුන් ද යන්න දක්වන ඩිජිටල් හැඳුනුම්පතක් මුළු ලෝක ජනතාවටම ලැබිය යුතු අතර එමගින් ප්‍රමාණවත් එන්නතක් ලබා ගැනීමෙන් තොරව පාසල්, ප්‍රසංග, පල්ලි, පොදු ප්‍රවාහන යනාදිය සඳහා ඇතුළු වීම ප්‍රතික්ෂේප කරයි.

දැන් 2020 දී බිල් ගේට්ස් සහ බොහෝ රජයන් ඉල්ලා සිටින්නේ එයයි.

සෑම කෙනෙකුගේම සම්බන්ධතා පරික්ෂා කළ යුතුය

කාන්දු වූ රජයේ වීඩියෝවකින් (10) Andrew Cuomo talks with Bill Clinton about authoritarian control හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්‍රෘ කියෝමෝ අතර සංවාදයක් දැක්වෙයි. සමස්ත ජනගහනය පරීක්ෂා කිරීම සහ ඔවුන්ගේ සියලු සම්බන්ධතා පරීක්ෂා කිරීම සඳහා විශාල පාලන පද්ධතියක් සකස් කරන්නේ කෙසේදැයි ඔවුහු සාකච්ඡා කරති. මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කරති.

සිය දහස් ගණනින් පාලන නියෝජිතයන් පත් කළ යුතුය. ඔවුහු සෑම කෙනෙකුම පරීක්ෂා කර පසුව ඔවුන්ගේ අනෙක් සියලු සම්බන්ධතා ද පරීක්ෂා කරති. මෙය මීට පෙර මෙම පරිමාණයට කිසි විටෙකත් සිදු වී නොමැත. මෙය සියලු දෙනාගේ සම්බන්ධතා පරීක්ෂා කරන ප්‍රශ්න කරන්නන්ගේ හමුදාවකි.

ANDREW CUOMO,
GOVERNOR OF NEW YORK

ගෝලීය පාලනයේ නව මට්ටමක්

කෝවිඩ් -19 ට එරෙහිව එන්නත් ලබා ඇති පුද්ගලයින්ට පමණක් ගමන් කිරීමට, පාසලට යාමට, රැස්වීම්වලට සහභාගී වීමට සහ වැඩ කිරීමට අවසර දිය යුතු බව බිල් ගේට්ස් පැහැදිලි කළේය. (11) Bill Gates talks about a digital ID to control people ඩිජිටල් එන්නත් හැඳුනුම්පත් දැනටමත් සංවර්ධනය වෙමින් පවතී. එසේම බිල් ගේට්ස් හට තාක්‍ෂණය පිළිබඳ පේටන්ට් බලපත්‍රයක් ඇති අතර (12) Linking vaccines to a digital ID  එමඟින් පුද්ගලයෙකුගේ ශරීරය ඕනෑම තැනක දී සොයා ගැනීමට හැකි ය. මෙම තාක්ෂණය WO2020-060606 (13) Gates has pattent on technology to trace a body anywhere  ලෙස හැඳින්වේ. මීට අමතරව, ගේට්ස් හට ගෝලීය අධීක්ෂණ ජාලයක් පිහිටුවීමට අවශ්‍ය වන අතර එමගින් කොවිඩ් -19 ට නිරාවරණය (14) Gates wants a global monitoring system  වූ සියලු දෙනා සොයා ගනු ඇත.

සැලැස්ම: DNA වෙනස් කරන එන්නත මිනිස් සංහතියට එන්නත් කිරීම.

නිර්මාණය කරන ලද වසංගත හා අනිවාර්ය එන්නත් මගින් ලෝකය පාලනය කිරීමේ සැලසුම් පිළිබඳව සුප්‍රසිද්ධ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඇන්තනි පැච් (Anthony Patch) විසින් වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කරන ලදී. 2014 දී සම්මුඛ සාකච්ඡාවකදී මෙම පර්යේෂකයා පහත සඳහන් දෑ පුරෝකථනය කළේය:

‘ ඔවුන් මිනිසා විසින් සාදන ලද කොරෝනා වෛරසයක් මුදා හරිනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ජනතාව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එන්නතක් ඉල්ලා සිටිනු ඇත. මෙම එන්නත මගින් සිරුරට DNA හි තුන්වන වික්‍රිය (Third Strain of DNA ) එකතු කරනු ඇත. පුද්ගලයෙකුට එන්නත් කළ වහාම ඔවුන්ගේ DNA පරිවර්තනයකට භාජනය වේ. මෙම ජානමය වෙනස නිසා මිනිසුන්ට තමන් ගැනම සිතීමේ හැකියාව නැති වී යනු ඇත. මේ නිසා ඔවුන් පහසුවෙන් පාලනය කළ හැකියප්‍රභූ පැලැන්තියේ වහලුන් බවට පත්වේ.

ඇත්ත වශයෙන්ම එය උමතුවක් මෙන් පෙනෙන අතර ඇත්තෙන්ම එය උමතුවකි. එහෙත් මෙම වෘත්තීය විමර්ශකයා මෝඩයෙකු නොවන බව අප දැන සිටිය යුතුය. ඔහු වසර ගණනාවක් පර්යේෂණ කර ඇති අතර එම වසර ගණනාව පුරා කළ පර්යේෂණවලින් ඔහු සොයා ගත්තේ මෙයයි.

මෙම මාතෘකා පිළිබඳ අපගේ අනවබෝධය නිසා වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ මත පදනම් වූ මෙම පූර්ණ දැනුම ප්‍රතික්ෂේප නොකිරීමට අප වගබලා ගත යුතුය,.

අවුරුදු 20 ක පර්යේෂණ මෙසේ කියයි:එන්නත අපගේ DNA වෙනස් කරයි.

වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) මානුෂීය කටයුතු සඳහා ඩොමිනිකන් ජනරජයට යාමට පෙර ජෝර්ජියාවේ විශාල සායන දෙකක් මෙහෙය වූවාය. ඇය පසුගිය විසි වසර පුරා DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර කොවිඩ් -19 සඳහා ඉතා භයානක එන්නත් මානව වර්ගයාට එන්නත් කිරීමේ සැලසුමක් ඇති බවට අනතුරු අඟවන හදිසි වීඩියෝවක් ඉදිරිපත් කළාය.

මෙම නව එන්නත් වල අරමුණ දෙයාකාර ය

1). අපගේ DNA ප්‍රතික්‍රමලේඛණය (reprogramming) කිරීම මගින් අපව පාලනය කිරීමට පහසු දෙමුහුන් බවට පත් කිරීම.
2).නව පාලන ක්ෂේත්‍රයක් විවෘත කරවන
ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් (Digital Vaccine ID) හරහා අපව කෘතිම බුද්ධියට සම්බන්ධ කිරීම.

ගුවන් යානා මගින් මිනිසුන්ට රෝග ප්‍රචාරණය කරන ආකාරය ඇය කිහිප වතාවක් නිරීක්ෂණය කර ඇති බව වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) පවසයි. සාධාරණ හේතු නිසා ඇයට මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට නොහැකි වී තිබේ.

සංවිධානාත්මක වසංගත ක්‍රම මගින් ජනගහන පාලනය

ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) CIA සංවිධානයෙ හි සුප්‍රසිද්ධ බුද්ධි නිලධාරියෙකි. ඔහු ‘The Committee of 300’ (300 කමිටුව) නමින් පොතක් ලියා තිබේ. රහස් සමාජ (Secret Societies) විසින් ආණ්ඩු, සෞඛ්‍ය සේවා, ආහාර කර්මාන්ත, මාධ්‍ය යනාදිය හසුරුවන ආකාරය එහි විස්තර කරයි. මෙම පොත CIA වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. (15) http://Download the book of CIA officer Coleman

ආණ්ඩු සහ මාධ්‍ය පාලනය කරන ඉහත බොහෝ රහස් සමාජවල ( Secret Societies ) මූලික අරමුණු වලින් එකක් වන්නේ පෘථිවි ජනගහනය පාලන කිරීමයි.

ආචාර්ය කෝල්මන් ඔවුන්ගේ උපාය මාර්ගය ගැන පහත සඳහන් දේ පවසයි.

සීමිත යුද්ධ සහ වේගවත් මාරාන්තික රෝග සහිත සංවිධානාත්මක වසංගත මගින් 2050 වර්ෂය වන විට ලෝකයට ප්‍රයෝජනයක් නැතිව ආහාර අනුභව කරන්නන් අවම වශයෙන් බිලියන 4 ක් පමණ තුරන් කළ යුතුය.

500,000,000 යටතේ මානව වර්ගයා පවත්වා ගැනීම

1980 දී ජෝර්ජියාවේ ග්‍රැනයිට් ස්මාරකයක් පිහිටුවන ලදි. එය ‘Guidestones’ ලෙස නම් කොට ඇත. එහි මාර්ගෝපදේශ 10 ක් නූතන භාෂා අටකින් කොටා ඇත. එම ග්‍රැනයිට් ස්මාරකයේ ම ඉහලින් කෙටි පණිවිඩයක් පැරණි භාෂා හතරකින් කොටා ඇත. පළමු මාර්ගෝපදේශය පහත පරිදි වේ:

  1. සොබාදහම සමඟ නිරන්තර සමතුලිතතාවයෙන් යුතුව 500,000,000 ට අඩුවෙන් මානව වර්ගයා පවත්වා ගැනීම.

CIA නිළධාරි ආචාර්ය කෝල්මන් හෙළි කළේ ‘ජනගහනය පවත්වා ගැනීම’ සඳහා ඔවුන්ගේ එක් ක්‍රමයක් වන්නේ ‘මාරාන්තික වේගවත් රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත’ ඇති කිරීමයි.

මානවවර්ගයා අඩු කිරීම සඳහා එන්නත් භාවිතා කිරීම

ලෝක ජනගහනය 10 – 15% දක්වා අඩු කිරීමේ ඉලක්කය සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බව බිල් ගේට්ස් TED කතාවකදී ප්‍රකාශ කළේය.(16) http://Gates talks about reducing world population using vaccines

‘මේ වන විට පෘථිවියේ බිලියන 6.7 ක ජනතාවක් සිටින අතර ළඟදීම බිලියන 9 ක් වනු ඇත. කෙසේ වෙතත්, නව එන්නත්, සෞඛ්‍ය සේවා සහ උපත් පාලනය ආදිය යොදා ගෙන අප පලදායි කාර්‍යයක් කළහොත් එම සංඛ්‍යාව සියයට දහයේ සිට පහළොව දක්වා අඩු කළ හැකිය’

කොවිඩ්-19 එන්නතජනගහන පාලනය සඳහාද?

මයික් ඇඩම්ස් (Mike Adams) යනු සුප්‍රකට ආහාර විද්‍යාඥයෙකි.ඔහු ජනප්‍රිය විද්‍යා පොතක් වන Food Forensics හි කතුවරයා වන අතර ISO පිළිගැනීම ලත් CWC Labs හි නිර්මාතෘවරයා ය. මීට වසර ගණනාවකට පෙර ඔහු පහත සඳහන් දේ පැවසීය.

නිර්මාණය කරන ලද (ඉංජිනේරුමය) ජෛව ආයුධයක් ජනාකීර්ණ ස්ථානවල මුදා හරිනු ඇත. එන්නත නිපදවීම සඳහා එන්නත් කර්මාන්තයට විශාල වශයෙන් රජයේ අරමුදල් යෙදවීම අවශ්‍ය වේ. ආශ්චර්යමත් ලෙස ඔවුන් වාර්තාගත වේලාවට එන්නතක් නිපදවනු ඇත. සෑම කෙනෙකුම පෙළ ගැසී මෙම එන්නත ලබා ගැනීම අවශ්‍ය වනු ඇත.

ඔහුගේ පණිවුඩයේ ඉතිරි කොටස නම්මෙම එන්නත වසර කිහිපයක් තුළ සෙමෙන් මිනිසුන් මිලියන ගණනක් එසේත් නොමැති නම් බිලියන ගණනක් ඝාතනය කිරීමට පටන් ගන්නා බවයි. එය ලෝක ජනගහනය අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඝාතන ස්විච එන්නතකි(Kill-Switch Vaccine).

සාරාංශය:වසංගතය සැළසුම් කර තිබේද?

වෛද්‍යවරුන් දහස් ගණනක් වසංගතය ගෝලීය අපරාධයක් ලෙසත්, සනීපාරක්ෂක සමාවක් සහිත ලෝක ආඥාදායකත්වයක් ලෙසත් හඳුන්වයි.

කොවිඩ් -19 ගෝලීය තලයට පැමිණීමට වසර දෙකකට පෙර, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් රටවල් හදිසියේම කොවිඩ් -19 සඳහා පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් අපනයනය කිරීමට පටන් ගත්හ.

2013 දී සංගීතඥයෙක් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ගැන පුරෝකථනය කර 2020 දී මෙය සිදුවනු ඇතැයි පවසයි. ඔහු මෙය දැන සිටියේ ‘කුමන්ත්‍රණ න්‍යායන්’ පිළිබඳ පෞද්ගලිකව විමර්ශනය කළ නිසා ය.

ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුපුරා යාම පිළිබඳව 2017 දී ඇන්තනි ෆවුසි සහතික ⁣කෙළේය.

කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවීමට මොහොතකට පෙර බිල් ගේට්ස් විසින් ගෝලීය කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කෙළේය: Event201.
මෙම වසංගතය පුපුරා යෑමට පෙර ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය (Global Preparedness Monitoring Board) ලොවට කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතයකට සූදානම්ව සිටින ලෙසයි.

2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය ( The Institute for Disease Modeling) විසින් චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වන උණ වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කළේය.

ඉදිරි වසරවලදී සාදන ලද වෛරසයකින් ගෝලීය වසංගතයක් ඇති විය හැකි බව 2018 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් නිවේදනය කළේය.

ඇන්තනි ෆවුසි වෙතින් ඩොලර් මිලියන ගණනක් ලබා ගත් වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 in Wuhan හි කොරෝනා වෛරසය (SARS-CoV-2)නිර්මාණය කරන ලදී.

චිත්‍රපට කිහිපයක්ම කොරෝනා වෛරස් වසංගතය ඉතා විස්තරාත්මකව නිරූපණය කර ඇති අතර, ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් යන්න පවා දක්වා ඇත.

2012 ගිම්හාන ඔලිම්පික් උළෙල (The Summer Olympics in 2012) ඔවුන්ගේ සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස වසංගතයක් රඟ දැක්වීය.

ගෝලීය වසංගතයක් ඇතිවිය හැකි බැවින් ‘පාලක පන්තියට’ ඉහළ මට්ටමේ අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කළ හැකි බව ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් (Harry Vox) 2014 දී අනාවැකි පළ කළේය.

මිනිසාගේ DNA වෙනස් කරන එන්නතක් සෑදීම සඳහා බලකිරීමට යොදා ගැනෙන, වසංගතයක් ( මිනිසා විසින් සාදන ලද වෛරසයකින් පැන නැගෙන) ගැන ගවේෂණාත්මක මාධ්‍යවේදි ඇන්තනි පැච් (Anthony Patch) අනාවැකි පළ කළේය.

වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) දශක ගණනාවක් තිස්සේ DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර,මිනිස් DNA ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කොවිඩ් -19 එන්නත භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව පවසයි.

CIA නිලධාරි ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) රහස් සමාජ පිළිබඳව අධ්‍යයනය කළ අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ වේගවත් මාරාන්තික රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත මගින් පෘථිවි ජනගහනය අඩු කිරීම බව ප්‍රකාශ කළේය.

1980 දී, මානව වර්ගයා සඳහා භාෂා අටකින් දැක්වෙන මාර්ගෝපදේශ දහයක් සහිතව විශාල ග්‍රැනයිට් ස්මාරකයක් ජෝර්ජියා ප්‍රාන්තයේ ඉදිකරන ලදි. මෙම ‘දස පනතෙහි’ පළමුවැන්න නම් මානව වර්ගයා බිලියන භාගයක් දක්වා අඩු කළ යුතු බවයි.

බිල් ගේට්ස් TED කතාවකදී පැවසුවේ ලෝක ජනගහනය 10-15% කින් අඩු කිරීම සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බවයි.

අප දැන් දකිමින් සිටින සිදුවීම් මීට වසර ගණනාවකට පෙර මයික් ඇඩම්ස් (The ‘Health Ranger’ Mike Adams) පුරෝකථනය කළේ ය. නිර්මාණය කරන ලද ජෛව ආයුධයක් මුදා හැරීම, ඉන් පසුව එන්නතක් සඳහා ජනතාව අතරින් එන ඉල්ලුම, එන්නත් කර්මාන්තය සඳහා දැවැන්ත රාජ්‍ය අරමුදල් යෙදවීම සහ වාර්තාගත කාලයකදි සංවර්ධනය කරන එන්නතක් යනු එම අනාවැකිය. මෙම එන්නත මගින් වසර කිහිපයක් තුළ ගණනය කළ නොහැකි තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යනු ඇතැයි ඔහු අනාවැකි පළ ⁣කළේය.

අධිකාරී පාලන ක්‍රමයක් (වසංගතයෙන් පසුව වඩාත් තීව්‍ර වන) ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලය කර ගන්නා, මග එන ගෝලීය වසංගතයක් පිළිබඳව රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2010 දී Scenario for the future නම් පොත මගින් ප්‍රකාශ කෙළේය.

මෙම හික්ම වුණු ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර උපදෙස් සහිතව කියා දීමට රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2020 දී අත්පොතක් ප්‍රකාශයට පත් කෙළේය. ලෝකය ‘ අගුලු දමන තුරු ‘ ජීවිතය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එමගින් කියයි.

එන්නත් හැඳුනුම්පත් (Vaccine IDs) මගින්, මයික්‍රොචිප්ස් (microchips) මිනිසුන් තුළට ඇතුළත් කිරීම මගින්, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම මගින් , සමාජ දුරස්ථභාවයට යොමු කිරීම මගින්, බලහත්කාරී අගුළු දැමීම් මගින් සහ අතීශය පුද්ගලික සම්බන්ධතා සොයා ගැනීම් යනාදිය මගින් බිල් ගේට්ස් සහ ලොව පුරා බොහෝ දෙනෙක් පෙර නොවූ විරූ ආකාරයකින් පාලනය අත්පත් කර ගෙන ඇති බව අපි දකිමු.

සිදුවන්නේ කුමක්ද යන්න විවේචනය කරන වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයින්ගේ හෝ වෙනත් ප්‍රවීණයින්ගේ සෑම හඬක්ම අතිශයින් වාරණය කිරීම මෙම පාලනයේ කොටසකි.

Read more at jamesfetzer.org
-Dr.James Fetzer
2020/09/30

පරිවර්තනය:
-Dr.Lochana Fernando
2020/11/25

Related posts

13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපති

Shiran Viraj

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

Shiran Viraj

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

Shiran Viraj