27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් මාර්ගගත ක්‍රමයට  පවත්වාගන යාම ආරම්බකර තිබේ .පවතින  වසංගත තත්වය හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා  වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදබව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි .

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව  මෙය ක්‍රියාවට නගාතිබේ . www.rgd.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබාගතහැකියි. මෙම සේවාව මහජනතාවට හදුන්වාදීමක්  චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය  2 වැනිදා  වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.

මෙම ආරම්බක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනයේ  සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේ, ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් උපාංගයකින් මහජනතාවට මෙම සේවාව ලබා ගැනීමට හැකිවන අතර  ඒ සදහා ඉතා  සරල (OTP )සත්‍යාපන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ඇති බවයි.    අදාළ තොරතුරු   ඇතුළත් කර උප්පැන්න සහතිකය, විවාහ සහතිකය හෝ මරණ සහතිකය ලබාගැනීම සදහා හදුන්වාදී ඇති මෙම ක්‍රමයේ ප්‍රයෝජන මහජනතාව ලබාගනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකෂකරනලදී .’ ”සේවාව ලබා ගැනීම සඳහා වීසා හෝ මාස්ටර් කාඩ් මඟින් ගෙවිම කල හැකිය .අවශ්‍ය  සහතික  තැපැල් මඟින් කඩිනමින් ලබාදීමට හෝ  හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්  ලබා ගැනීමට පහසුව සලසා ඇත.අවශ්‍ය විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල  පත්කර ඇති අතිරේක  දිස්ත්‍රික් රෙජිස්ත්‍රර්වරුන්  ගෙන්ද විස්තර ලබා ගතහැකියී . ඔවුන්ගේ දුරකථන අංක  උක්ත වෙබ් අඩවියෙන් ලබාගත හැකියී .

– ICTA

Related posts

වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවර

Shiran Viraj

ශ්‍රීලනිප සාකච්ඡාවේදී ආණ්ඩුව විවේචනය කරලා

Shiran Viraj

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

Shiran Viraj
Translate »