28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsPolitical

ආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්නේ බැසිල් ආවාට පසුවයි..

තමන්ට ලබා දී ඇති අමාත්‍යාංශය සුදුසු නැතිනම් කළ හැකි හොදම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකෙුට එය ලබා දීම යැයි දයාසිරි ජයසේකර මහතාට තමන් කියන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව කොටුව පිට්ටනිය අසළ වෙරළ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (05) දින සහභාගී වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“බැසිල් රාජපක්ෂ මැතිතුමා පැමිණියාම මේ රටේ ආර්ථිකය හදලා මේ රටේ ජනතාවට සහන දෙන්න පුළුවන් විදියට එතුමා වැඩපිළිවෙළක් හදයි. ඒ ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා වැඩකරන්න පුළුවන් කෙනෙක්. වැඩකරලා ඔප්පු කරල තියෙන කෙනෙක්. එතුමා තමයි උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, දිවි නැගුම වැනි ව්‍යාපෘති ආරම්භ කරලා දුප්පත් මිනිස්සු ගැන බලලා වැඩකරපු කෙනෙක්. එතුමා පැමිණියාම මේ රටේ ආර්ථිකය හොඳ තත්ත්වයකට ගෙනෙයි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමගේ පැමිණීමට සියලු දෙනා කැමතියි.

දයාසිරි ජයසේකර මහතාට එතුමගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. ලැබිලා තියෙන අමාත්‍යාංශය විහිළු සපයන අමාත්‍යාංශයක් කියල එතුමා කිව්වේ. එතුමාට ලැබිල තියෙන අමාත්‍යාංශය හොඳ නැත්නම්, කැමති නැත්නම් එම අමාත්‍යාංශය ග්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකුට ලබාදෙන්න ජනාධිපතිතුමාට යෝජනා කරන්න පුළුවන්. අකමැත්තෙන් අමාත්‍යාංශයක ඉන්න එක විශාල ප්‍රශ්නයක්.

අකමැත්තෙන් ඉන්න විට ඒ අමාත්‍යාංශය සමඟ බද්ධ වෙලා ඉන්න ජනතාව විශේෂයෙන් පේෂකර්ම, දේශීය රෙදිපිළි කර්මාන්තයේ නිරත ජනතාව දියුණු කිරීමක් එතුමා කරන්නේ නැහැ. දයාසිරි ජයසේකර ඇමැතිතුමාට ලැබිල තියෙන අමාත්‍යාංශ ජෝකර් අමාත්‍යාංශයක් ලෙස දකිනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා ඇමැතිකම් අරගෙන රටේ ජනතාවට වැඩකරන්න පුළුවන්. ඒ නිසා කරුණාකරල ඔවුන්ට එම අවස්ථාව ලබාදෙන්න. එකතු වෙලා ඉන්න සන්ධානය තුළ කථා නොකර, එළියට ගිහිල්ලා කථා කිරීම විශාල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් පවුලක් වුණත් ප්‍රශ්න විසද ගන්නේ ඇතුළේ. එළියෙ නෙමෙයි. එතුමා කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වුණා. එය නොලැබුණු නිසා මෙවැනි ප්‍රකාශය කිරීම මම පැහැදිළිවම දකිනවා. මම නම් විහිළුකාරයෙක් වෙන්නේ නැතුව, මට දීල තියෙන අමාත්‍යාංශය කැමති නැත්නම් අමාත්‍යාංශය දීල යන්න මට කොන්ද තියෙනවා. එතුමත් විහිළුකාරයෙක් නොවී කොන්ද කෙලින් තියාගෙන අමාත්‍යාංශය වෙන කෙනෙකුට දීම සුදුසු” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

– Media Unit

Related posts

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

Shiran Viraj

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණය

Shiran Viraj
Translate »