2026-02-10
mediahumanrights.lk
NewsPolitical

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකමක් ගත්තා කියලා සුරබිදෙන පහළ වෙන්නේ නෑ පහුවෙනිදා උදේට. මේ අර්බුදය අපේ රටේ රටැසියන්ට කියන්න ඕන. අද විශාල අර්බුදයක් රටේ තිබෙනවා.

අපේ රටේ ඩොලර් නෑ. මේ රටේ මිනිස්සුන්ට කියන්න පුළුවන් ඔබට දායක වෙන්න පුළුවන් කොහොමද මේ ආර්ථිකය ගොඩ ගන්න කියලා. මොකද මේකට අපි ඔක්කොටම මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.

මේ රටේ අර්බුදය කියලා. මෙන්න මේකයි අපි කරන්නේ කියලා කිව්වොත් ඒක සාධාරණයි කියලයි හිතන්නේ.

මේ ඇමතිධුර හැදුවේ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ ඇමතිධුරවලට මිනිස්සු පත් කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. රාජ්‍ය අමාත්‍යාංශ හැදුවේ බැසිල් රාජපක්ෂ මහතායි පී.බී. ජයසුන්දර මහතායි.

ඒවට අදාළ ඇමතිවරුත් පත්කළේ ඒ අය. මැටි ඇමතිකම්, ගම්මිරිස් ඇමතිකම් මට දීලා තියෙන බතික් විහිලු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමයි, පී.බී. ජයසුන්දර මැතිතුමයි.

අපිව වැඩක් ගන්නේ නැතිව පැත්තකට තියලා තියෙන්නෙත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි හැම කෙනෙක්ම. ඇමතිකම් දීමෙන් මේක තුරන් කරන්න බෑ. මේ කැබිනට් එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. පී.බී. ජයසුන්දර මැතිතුමාගෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙයි කැබිනට් මණ්ඩලයක් මේ තියෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කියන්නේ ඔබතුමත් එක්ක අපි වැඩ කරන්න ලෑස්තියි. ඔබතුමාට විශාල හැකියාවක් තිබෙනවා. උවමනාව් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාටත් ඒ හැකියාව තිබෙනවා. අපි එකතුවෙලා වැඩ කරමු.”

අත්සන් කරපු ගිවිසුම් පැත්තකට දාලා තියෙනවා. සංවිධායකවරු ගණන් ගන්නේ නෑ. මේ ආණ්ඩුව පත්කරපු නැති තැනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කර තිබෙනවා.”

– ADA

Related posts

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

Shiran Viraj

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

Shiran Viraj
Translate »