29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි .

එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බවද ඔහු සඳහන් කළේය .

ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85 ක ආරක්ෂාවක් සැලසුණද අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58 ක ආරක්ෂාවක් පමණකැයිද එම පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත .

කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් සැර කොරෝනා වයිරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවද ජීවන්දර මහතා සඳහන් කළේය.

මෙරට භාවිතා කෙරෙන එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයද මේ දිනවල පරීක්ෂණයක් පවත්වයි.එහි අවසන් වාර්තාව නුදුරේදීම නිකුත්වීමට නියමිතය

– lankadeepa

Related posts

ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයි

Shiran Viraj

දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලි

Shiran Viraj

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

Shiran Viraj
Translate »