mediahumanrights.lk
NewsPolitical

බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘ජනාධිපති ධුරය හෙබවීමට බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන නුසුදුසුකම කුමක්ද. එතුමාට සෑම සුදුසුකමක් ම තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා හිටියනම් මෙයාකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුවන්නේ නැහැ’ යයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහුනවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපති කරවීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපති කරවීමටත් මුල් වූයේ බැසිල් රාජපක්ෂ මහතාම බවත් ඒ සියල්ල ඔහුට කළ හැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමට කුමන සුදුසුකමද නැත්තේ යයිද මන්ත‍්‍රීවරයා විමසා සිටියේය.

Related posts

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Shiran Viraj

අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේ

Shiran Viraj

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Shiran Viraj
Translate »