mediahumanrights.lk
Local NewsNews

Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..

කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මෙරට ඇති දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව ද ඔහු සදහන් කරයි.

මුහුහුදේ දී සිදුවන අනතුරු වලින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමාගම් දැනට මෙරට තුළ නොපවතින බවත් එවැනි සමාගම් පිහිටුවීමට නීතිමය බාධාවන් ද ඇති බවත් ඔහු පැවසීය.

දැනට මාස කිහිපයකට පෙර ගිනිගැනීමට ලක්වූ ‘නිවු ඩයමන්ඩ්’ නෞකාවෙන්ද වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියට සිදු වූ දෙයම මෙහිදී සිදුවීමේ හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට එම නෞකාව ගලවා ගැනීමේ වගකීමක් භාර ගැනීමට ආයතනයක් නොමැති නිසා එම ගලවා ගැනීමේ වගකිම බාර ගන්නේ වෙනත් රටවල ආයතන බවත් නිවු ඩයමන්ඩ් නෞකාව ගලවා ගැනීම සිදු කළේ සිංගප්පූරු ආයතනයක් එහි වගකීම දරමින් බවද ඔහු පැවසීය.

එම ගලවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට හිමිවුයේ රුපියල් මිලියන 400 පමණක් බවද නැව ගලවා ගැනීමෙන් ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.

Related posts

පාස්කු ඉරිදා දිනය අදයි

Shiran Viraj

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

Shiran Viraj

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj
Translate »