mediahumanrights.lk
Local NewsNews

ශානිට ඇප ලැබෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

ඒ ඔවුන් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධනය පෙත්සම් අද  අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ආර්.ගුරුසිංහ යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

සැකකරුවන් දෙදෙනාගෙ විදේශ ගමන් තහනම් කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කළා .

මෙම නියෝගය ගම්පහ මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට ද අභියාචනාධිකරණය අද නියෝග කළා .

හෘද සැත්කමකට භාජනය වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කඩිනමින් විභාග කිරීමේ  අවශ්‍යතාවය ඔහුගේ නීතිඥවරයා මීට පෙර  අභියාචනාධිකරණයේ දී අවධාරණය කර සිටියා .

2013 දී ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්‍ෂි කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකරා සහ සුගත් මෙන්ඩිස් යන අය  කොළඹ අපරාධ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කරන ලදී . එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත අතර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත් අධිකරණය සහ ගම්පහ මහාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී .

ඒ අනුව එම අධිකරණ වලින් ඇප ප්‍රතික්ෂේප කිරීමට නිකුත් කළ නියෝග ප්‍රතිශෝධනය කර සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

nethnews

Related posts

ලොරියක් මහ ඇලට පෙරලේ..

Shiran Viraj

මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවට

Shiran Viraj

අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේ

Shiran Viraj
Translate »