2026-01-22
mediahumanrights.lk
Local NewsNews

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ හිටපු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලි සිටි ජාතික සමගි ජන බලවේගයේ  නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ

රටේ පවතින කොවිඩ් අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමා නිතිය නිසා ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

ඒ අනුව වැඩි කල ඉන්ධන මිල වහාම අඩු කිරිමට රජය කටයුතු කල යුතු බවද සසංක සම්පත් සංජිව මහතා කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ  

Related posts

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Shiran Viraj

බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

Shiran Viraj

පබා බබා සමග මුල් වරට

Shiran Viraj
Translate »