2026-01-13
mediahumanrights.lk
NewsPolitical

බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා ‍මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ගුවන් තොටුපලට පැමිණ සිටියහ.

එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බවයි.

ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ අවස්ථාවේ ඔවුනට සහන ලබා දිය යුතු බව පක්ෂයේ මතය බව ද ඔහු සඳහන් කළේය.

අද මෙරටට පැමිණ බැසිල් රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනය සදහා යොමු වනු ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

ජනපතිගේ ක්‍රියාව එක්සත් ජාතීන් අගයයි

Shiran Viraj

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Shiran Viraj

ගර්භණී භාවය සැලසුම් කරන ඔබ කල යුතුම දේවල් 10ක්

Shiran Viraj
Translate »