mediahumanrights.lk
Local News News

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තෙල් සංස්ථාවේ සභාපති වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් ඛනිජ තෙල් පිරිපහදුවෙත් ඒ වගේම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේත් සියලු සේවකයන්ගේ අභිප්‍රාය අලුත් පිරිපහදුවක් ඉදිකිරීම. විශේෂයෙන්ම මේ රටට අවශ්‍ය ඉන්ධන වලින් 30% ටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපේ සපුගස්කන්ද පිරිපහදුවෙන් දැනට නිෂ්පාදනය කරන්නේ.

උදය ගම්මන්පිල ඇමතිතුමා බලයට පැමිණුනාට පස්සේ, එතුමාගේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පළමු කැබිනට් පත්‍රිකාව වුනේ සපුගස්කන්දේ නව පිරිපහදුවක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කිරීමේ ඉල්ලීම. ඒකට කැබිනට් අනුමැතිය අපිට ලැබුණා. ඒ අනුව මේ වෙලාව වෙනකොට ඒ ශක්‍යතා අධ්‍යයනය කටයුතු ආරම්භ කරලා තියෙනවා.

මේ ශක්‍යතා ආරම්භ කිරීමත් සමගම පිරිපහදුවක් අලුතෙන් ඉදිකිරීමේ දී ඒ පිරිපහදුව අපට නිවැරදිවම ආරම්භ කරන්න නම් ඒකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ .ඒ අවශ්‍ය කටයුතු මේ දිනවල අපි කරගෙන යනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ රටේ තියන බල ශක්තිය සපයන ප්‍රධානම ආයතනය. තමුන්නාන්සේලාට මතකයි 2001 වසරේ බලයට පත් වුණු ආණ්ඩුව මේ රටේ තිබුණු ආයතන පෞද්ගලීකරණකරණය ආරම්භ කළා. ඇමතිතුමාලා, වෘත්තිය සමිති, අපි සියලු දෙනා එකතු වෙලා අපිට හැකියාව ලැබුණා ඒ පෞද්ගලීකරණ කටයුතු සම්පූර්ණයෙන් නතර කරන්න. ඒ ආණ්ඩුව පෙරළා දමන්න. ඒ ආණ්ඩුව පෙරළා දැමුවේ ඒ සියලු කටයුතු රටට අහිතකර වුණු නිසා. ඒ නිසා ඉතාම පැහැදිලිව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, රටේම ඉල්ලීම අලුතෙන් පිරිපහදුවක් ඉදි කිරීම. ඒ තුළින් අපි ගණන් හදලා බලනකොට ඉන්ධන සඳහා කරන වියදමෙන් 40% විතර ප්‍රමාණයක් මේ රටේ ඉතුරු කරගන්න පුළුවන් .

40% කියන්නෙ ඩොලර් මිලියන ගණනක් වසරකට ඉතිරි කරන්න පුළුවන්. ඒ නිසා ඒ අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි ඉතාම පැහැදිලිව කියනවා කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු එක සම්පතක් වත් මේ රටේ සාමාන්‍ය ජනතාවට අයිති දේවල් කිසිදු ආකාරයකින් පෞද්ගලීකරණය කිරීමට කිසිසේත් අපි ඉඩ තියන්නෙත් නැහැ. ඒකට අවශ්‍ය කටයුතු කරන්නෙත් නෑ කියන එක ඉතා වගකීමෙන් කියනවා.

කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ආයතන ප්‍රධානීන් හැටියටත් ඒ වගේම අමාත්‍යාංශය භාර ඇමතිතුමා හැටියටත් ඒ නිලධාරීන්ටත් විශේෂ වගකීමක් තිබෙන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

– media unit

lankacnews.com

Related posts

අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනා

Shiran Viraj

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

Shiran Viraj

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj