mediahumanrights.lk
Local NewsNews

කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

කොවිඩ් ආසාදිත දෙදරු මවක් සිය තුන්වැනි දරුවා සිසේරියන් සැත්කමෙන් පසුගිය දා (02) නිකවැරටිය රෝහලේ දී බිහි කළ බවත් එම බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඊයේ (03 ) මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ මෙම ගැබිනිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු ඇයට ‘කොවිඩ් ’ ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවා. පසුව දරු ප‍්‍රසුතිය සඳහා රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා විසින් ඇය ‘සීසේරියන්’ සැත්කමට යොමුකිරීමට තීරණය කර තිබෙනවා. බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් මව කොරෝනා ප‍්‍රතිකාර ඒකකයේ වැඩිදුර ප‍්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

Related posts

දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම්

Shiran Viraj

ලංකාවේ යොවුන් යුවළවල් සුවෙන් සැතපෙද්දී, අරාබිය තෘප්තිමත් වෙන හැටි මෙන්න…!

Shiran Viraj

ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

Shiran Viraj
Translate »