mediahumanrights.lk
News Political

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ව්‍යවසන තත්ත්වයක බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට රෝහල් පද්ධතිය පිරී ගොස් ඇති බවත්, ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වී ඇති බවත් ඇය සඳහන් කරයි.

කොරෝනා මර්ධන එන්නතක් ලබා ගත්තද දිගටම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවද ඇය පැවසුවාය.

රුසියානු කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ඉදිරි දෙසතියක කාලයේදී මෙරට ලැබෙනු ඇතැයි ද ඇය සදහන් කලාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

Shiran Viraj

අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාව ගැන අරමුණක් නෑ

Shiran Viraj

උප්පැන්න සහතිකය නැතත් ජාතික හැඳුනුම්පත්

Shiran Viraj