mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 209 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 07 ක් දැවී ලකුණු 493 ක් රැස්කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූවා.

පිලිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිම සඳහා රැස්කර ගත හැකිවූයේ ලකුණු 251 ක් පමණයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ කඩුළු 9 කට ලකුණු 194 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවූවා. ඒ අනුව බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 437 ක්.

කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 227 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුළු 05 ක් දවා ගත්තේ ලකුණු 86 කටයි.

ඒ අනුව සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුළු 11 ක් දවා ගැනීමට ඔහු සමත්වුණා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 1 ට 0 ක් ලෙස බංග්ලාදේශ තරගාවලිය ද ජය ගත්තා.

මෙම තරගය සැලකෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ අවසන් තරගය ලෙසයි.

මෙවර ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිවූයේ 08 වන ස්ථානයයි. ඒ, තරග 12 කදී ජයග්‍රහණ 02 ක්, ජය පරාජයෙන් තොරව අවසන්වීම් 04 ක් සහ පරාජයන් 06 ක් ලැබීම හේතුවෙන්.

Related posts

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමති

Shiran Viraj

කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළට

Shiran Viraj