2026-01-28
mediahumanrights.lk
NewsPolitical

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම නැවු සමාගමෙන් ලබා ගත හැකි බවද ඒ මහතා පැවසීය.

රටට මේ අවස්ථාවේ එවන් වන්දි මුදලක් ලැබීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මීට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විශාල වන්දි මුදලක් ලැබුණු බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Related posts

ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලු

Shiran Viraj

ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…

Shiran Viraj

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

Shiran Viraj
Translate »