mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…

තම අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් සදහා පමණක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අධිකාරිය නිකුත් කරන තරු සලකුණු පහකින් යුත් එම ප්‍රමිති ලාංඡනය පොල්තෙල් බෝතලයේ ප්‍රදර්ශනය කළ යුතු බවත් බුද්ධිමය දේපල කාර්යංශයේ ලියාපදිංචිය විය යුතු බවත් ඔවුන් පවසයි.

2018 වසරේ ආරම්භ කර ලද මෙම ප්‍රමිතිකරණය අනුව 2020 සැප්තැම්බර් මස වන විට නිෂ්පාදකයන් 07 දෙනෙකුට පමණක් ලාංඡනය පිරිනමා තිබේ.

මේ වන විට දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් 25 දෙනකු පමණ මෙම ප්‍රමිති ලාංඡනය අයදුම් කර ඇති අතර එම නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ කරමින් සිටී.

ආනයනය කරන පොල් කෙල් කිසිදු ලෙසකින් පොල් සංවර්ධන අධිකාරියේ නියාමයට ලක් නොවන බවද එම අධිකාරිය කියා සිටියි.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

Shiran Viraj

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Shiran Viraj

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj
Translate »