mediahumanrights.lk
News Political

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

 ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක යෙදී සිටින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම අරගලය ආණ්ඩුව රැක ගැනීමට මිස ආණ්ඩුව නැති කිරීමට නොවන බවද ඇමතිවරයා පැවසීය.

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.

20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ජනවරම සුරකින්නේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද ඔහු පැවසීය.

ජනවරමක් ඉන්නේ නමක් අපේ නීතිය රකින නිලධාරීන් හිංසනයට පත් කරන තීරණ දේශපාලකයන් නොගත යුතු බවද ඔහු පැවසුවේය.

අවිස්සාවේල්ලේදී පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

පළාත් පාලන ඡන්දයට සන්ධානයෙන් නව පනතක්

Shiran Viraj

‘මහින්ද මහත්තයා සොරකම් කළා කීවට රට හැදුවා’ – ගැටඹේ නාහිමි

Shiran Viraj

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Shiran Viraj