mediahumanrights.lk
NewsPolitical

විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලා

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගෙන එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගතයුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි නොකර ඔහුට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද ලබාදිය යුතු බවට ප‍්‍රකාශයක් කර තිබුණි.

ඇමැතිවරයා සිදුකළ එම ප‍්‍රකාශය ඊයේ (08) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

එහිදී අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

”මම හිතන්නේ විමල් වීරවංශ මහතා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියා. එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කිසිදු අයිතියකුත් නෑ. අනිත් එක දේශපාලනයේ දී වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනකට පත්වෙන්න අපේ පක්ෂය සූදානම් නෑ. අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස සැලකු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් එතුමා කළ ප‍්‍රකාශය ජනතාවගෙන් සමාව ගෙන වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තැන අපි පක්ෂයක් විදියට ඉන්නවා.”

මේ ප‍්‍රකාශයට පිළිතුරු දෙන ඇමැති විමල් වීරවංශ මහතා පවසන්නේ අප වගකිව යුත්තේ ජනතාවට බවයි. ජනතාව අසතුටට පත්ව ඇත්නම් ඒ ගැන වගකීම ගත යුතු බව හෙතෙම කියයි. අපට ප‍‍්‍රශ්නයක් නැහැ එයාට කණගාටුදායක වුණාට. මට ප‍්‍රශ්නයක් වෙන්නේ අප ගන්නා ක‍්‍රියාමාර්ගවලින් රටට ජනතාවට කණගාටු හිතෙනවා නම් තමයි. ඒක විතරයි අපිට ප‍්‍රශ්නයක් වෙන්නේ. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත‍්‍රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒ ගොල්ලො කාට හරි බැලමෙහෙවරකම් කරලා ඒකට දැන් ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය.

noizetv

Related posts

මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

Shiran Viraj

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Shiran Viraj

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..

Shiran Viraj
Translate »