mediahumanrights.lk
NewsPolitical

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සතුටින් පිළිගන්නා බවයි. පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතව තිබෙනවා. 

Related posts

ෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..

Shiran Viraj

ජීවන රඟ මඬලෙන් බැස ගිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

Shiran Viraj

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Shiran Viraj
Translate »