32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

හුදකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන හයේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ 162 ඒ කාත්තාන්කුඩි 06 දකුණ ග්‍රාම නිලධාරී වසම, 162 බී කාත්තාන්කුඩි 06 බටහිර ග්‍රාම නිලධාරී වසම, 164 කාත්තාන්කුඩි 04 ග්‍රාම නිලධාරී වසම, 164 බී කාත්තාන්කුඩි 05 උතුර ග්‍රාම නිලධාරී වසම, 164 ඒ කාත්තාන්කුඩි 05 ග්‍රාම නිලධාරී වසම, 164 සී කාත්තාන්කුඩි 04 බටහිර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කෙරුණු ග්‍රාම නිලධාරීන් වසම් කිහිපයක් වනවා. එමෙන්ම 67 කාත්තාන්කුඩි 01 ග්‍රාම නිලධාරී වසම, 167 සී නව කාත්තාන්කුඩි දකුණ ග්‍රාම නිලධාරී වසම, 167 ඩී කාත්තාන්කුඩි බටහිර ග්‍රාම නිලධාරී වසම සහ 167 ඊ කාත්තාන්කුඩි මධ්‍යම ග්‍රාම නිලධාරී වසම ද ඊට අයත්.

කෙසේවෙතත් මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාන්කුඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ, මෝතිනාරි උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර සහ ෆවුසි මාවත යන ප්‍රදේශවල තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ, ඉස්මාන් මාවත, මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ වරකාමුර ප්‍රදේශය ද හුදකලා තත්ත්වයෙන් මුදා හැරුණා.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  අදහස් පළ කළා.

Related posts

ගිලිහි යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වැලක්වීමට සාර්ථක අත් බෙහෙතක්

Shiran Viraj

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් – පොලීසියෙන් 91ක්

Shiran Viraj
Translate »