mediahumanrights.lk
Local NewsNews

වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයි

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි.

මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන එකසිය හතලිහක් (මි. 140) පමණ වැය කරන බවත් නමුත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය කිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කරයි.

එය රුපියල් මිලියන හතලිහකින් පමණ ලබාදීමට හැකි බවද ඔහු සඳහන් කරයි.

ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් ඊට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීය. මෙමගින් මිලියන සියයක පමණ මුදලක් වරායට ඉතිරි කර ගැනීමට හැකි වන බවද සභාපිතවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ලොව වෘත්තීයම හමුදාවක් බවට පත් කරනවා – ජනපති

Shiran Viraj

කපල්වල ෆොටෝ ගහන මුවාවෙන් අපේ රටේ කොල්ලෙක් කරපු අමුතු වැඩක් බුකිය රත් කරයි – වීඩියෝ

Shiran Viraj
Translate »