mediahumanrights.lk
NewsPolitical

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙම මස 12 වැනිදා වන තෙක් කිසිදු පියවරක් නොගෙන දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය අද  පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කළා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක විසින් ගොනු කල රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදි.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද දිනයේදී කැදවනු ලැබු අතර වැඩිදුර කරුණු සලකා බැලීම මෙම මස 11 වෙනිදා සිදුකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා.

මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටිනවා.

Related posts

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

Shiran Viraj

ඔබත් ජංගම දුරකථනයේ වහලෙක් ද? ජංගම දුරකථනයට ඇබ්බැහිවීම රෝගයක්

Shiran Viraj

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

Shiran Viraj
Translate »