mediahumanrights.lk
Business Business News News

කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල නෙත් නිවුස් වෙත කියා සිටියේ, මේ වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලදී ගැනීම සදහා අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවයි.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඒ සදහා කටයුතු සම්පාදනය වූ පසු එම එන්නත් මාත්‍රා දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළා. කොරෝනා මර්දන එන්න්ත් දිවයිනට ගෙන්වීම නිසි ක්‍රමවේදයකට සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අමල් හර්ෂ ද සිල්වා.

Related posts

රංගිරි දඹුලූ විහාරය ගැන රජයෙන් ප්‍රකාශයක්

Shiran Viraj

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්

Shiran Viraj

අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

Shiran Viraj