mediahumanrights.lk
International News News

අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්

හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමුදාව විසින් පළමුව එම මූලස්ථානය වටලා, අනතුරුව එම මූලස්ථානයට දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයේ දොරටු කඩා දේපළවලට හානි සිදුකර ඊට ඇතුළුවී තිබෙනවා. ඔවුන් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි. හමුදා පාලනය විසින් මියන්මාරය පුරා රාත්‍රී 08 සිට අලුයම 04 දක්වා ඇඳිරි නීතිය පනවා තිබුණා. 

මේ අතර හමුදා පාලනයට එරෙහිව විරෝධතාවයේ නිරත වි සිටින මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර එරට හමුදාව වෙඩි ප්‍රහාර ද එල්ල කර අති බවයි වාර්තා වන්නේ. එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාවකගේ තත්ත්වය බරපතල බව ද විදෙස් වාර්තා සඳහන් කළා. 

Related posts

වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි

Shiran Viraj

තරු හැඩ වෙන හැටි

Shiran Viraj

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

Shiran Viraj