mediahumanrights.lk
NewsSportsSports News

මුරලි සතුව තිබූ වාර්තාවක් අශ්වින් සතු කරගනී

සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ඉන්දීය දඟ පන්දු යවන ක‍්‍ර‍්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් වමත් පිතිකරුවන් දවා ගනිමින්. 

මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි දග පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්. 

රවීචන්ද්‍රන් අශ්වින් මේ වන විට ටෙස්ට් තරගවලදී වමත් පිතිකරුවන් අවස්ථා 192 කදී දවාගෙන තිබෙනවා. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරගවලදී වමත් පිතිකරුවන් දවාගත් අවස්ථා ගණන 191 ක්. කෙසේ වෙතත්, ටෙස්ට් කඩුලූ 800ක් දවා ගනිමින් තවමත් ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ මුත්තයියා මුරලිදරන්.

Related posts

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

Shiran Viraj

ජාත්‍යන්තර පරිසර දිනය අදයි

Shiran Viraj

‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..

Shiran Viraj
Translate »