mediahumanrights.lk
Local NewsNews

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන භාරති දමිල මහා විද්‍යාලයේ මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් සදහා එම පාසලේ පැවති බාහිර පන්තියකට සහභාගි වි ආපසු (05) දින පස්වරු 2 ට පමණ ආපසු නිවස කරා යන අවස්තාවේ තේ වත්තේ බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි සිසුවියන් තිදෙනාට පහර දි ඇති බවත් , බඹරුන් පහර දෙන අවස්තාවේ සෙසු පාසල් සිසු සිසුවියන් පාසල වෙත දිවගොස් බේරි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

රෝහල් ගත කල සිසුවියන් තිදෙනා අවු 16 හැවිරිදි පාසල් සිසුවියන් බවත් , එම පාසල් සිසුවියන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

Related posts

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Shiran Viraj

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

Shiran Viraj
Translate »