mediahumanrights.lk
Local NewsNews

කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනතා මතයට ගරු නොකරන ආණ්ඩුව ඒ ආකාරයෙන් තමන්ට රිසි පරිදි කටයුතු කළහොත් අකුලාගෙන ගෙදර යාමට සිදු වනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

ඉන්දියාව විසින් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් නොමිලේ ලබාදීම තුළ ද යටි අරමුණක් තිබිය හැකි බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එය සමහර විට නැගෙනහිර ජැටියට දුන් අල්ලසක් විය හැකි බවද හිමියෝ පවසති කියා සිටියහ.

කැලණියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

Related posts

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj

කීත් නොයාර්ට පහරදීම – බුද්ධි අංශ නිලධාරීන්ට ඇප

Shiran Viraj
Translate »