24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
NewsPolitical

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

ලෝකය වෛරස් පාලනය කරන්නේ ඇඟට විදින බෙහෙත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අද ඕන වැඩ රටේ සියලු තැනකම කොරෝනා පැතිරී ගොස් ඇති බවත් මීට හේතු වූයේ දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වෙද්දී විශේෂඥයන්ගේ මතය අනුව සති 2කට රට වසා නොදැමීම බවද ඔහු පැවසීය.

කෙෙසේ වෙතත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මැදිහත්වීම මත අද වැඩි පිරිසක් රෝගීන් නොමැරී බේරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

පාතදුම්බර ප‍්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

රටේ සම්පත් විදේශයන්ට නොදෙන බවට රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරා කියූ අය අද කිසිදු හිරිකිතයකින් තොරව කොළඹ වරාය ඉන්දියාවට දෙන්න සූදානම් කර අවසන් බව ද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Shiran Viraj

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

Shiran Viraj

කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්

Shiran Viraj
Translate »