28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…

“බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය.

ධම්මික පැණියට බනිනවා. ඒකෙත් තියෙන්නේ මී පැණි නේ. මගෙන් අහනවා බිව්වට කමක් නැද්ද කියලා. මී පැණිනම් බිව්වට කමක් නෑ කිව්වා. නවසීලන්තයේ මී පැණි හදන්නේ මල් තුනකින්. මෙහෙ එක මී මැස්සෙක් පැණි හදන්න මල් 595කින් ගන්නවා. මේ මී පැණි ලෝකයේ ඉහළම මී පැණි.

ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 5යි මී පැණි තියෙන්නේ. සිංහල වෙදකමට මී පැණි පිටරටින් ගේනවා. කොස්, පොළොස් වගා කරන්න ඕනේ. ඒක වගා කරගත්තොත් 2024 එනවා කියන ඊළඟ වෛරස් එකත් අපිට ප්‍රශ්නයක් නෑ.“ යනුවෙන් ගාල්ල, පිලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

දේශීය ආහාර භාවිතයට ගන්නේ නම් ඕනෑම වෛරසයකින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනු ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

Related posts

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Shiran Viraj

ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයි

Shiran Viraj

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

Shiran Viraj
Translate »