mediahumanrights.lk
Local NewsNews

චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..

කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

එම එන්නත් හදිසි භාවිතය සඳහා අවසර ලබා දීම පිණිස ලෙස ලියාපදිංචි කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

මෙරට ජනගහනයෙන් 65%ක ට එන්නත් ලබාදිය යුතු යැයි දැනට තීරණය කර ඇති බවත් ඒ අනුව ප්‍රදානයන් ලෙස ලැබෙන එන්නත් වලට අමතරව තවදුරටත් අවශ්‍ය ප්‍රමාණය මුදලට ලබා ගැනීමට තීරණය කර ඇතැයි ද ජයසුමන මහතා කියා සිටියේය.

ඉදිරියේදී රුසියානු එන්නතද මෙරටට ලබා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

Related posts

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ

Shiran Viraj

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Shiran Viraj

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

Shiran Viraj
Translate »