mediahumanrights.lk
Local News News

ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..

එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක නියෝජිතයින් සහභාගී වූහ.

පසුගිය දෙසැම්බර් මස 30 වනදා ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත කල බවට දෙමළ ජාතික සන්ධානයේ පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින් මෙලෙස සහභාගී විය.

අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ,

‘ ජනීවා මානව හිමිකම් සැසිවාරය වෙනුවෙන් පසුගිය සැසිවාරයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කල යොජනා සම්බන්ධයෙන් දීර් ඝ වශයෙන් සාකච්ඡා කලා ඒ වගේම එම යෝජනා වලට අමතරව වෙනත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කල කමිටු සාමාජිකයින් මෙලෙස රැස්වුනා ඉදිරියේදී පක්ෂ නායකයින් ඇතුලු කමිටු සාමාජිකයින් රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. යනුවෙනි

Related posts

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Shiran Viraj

කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

Shiran Viraj

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනී

Shiran Viraj