27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsPolitical

නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැති

 කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) අවධාරණය කළේය.

නැඟෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බවද අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

නැඟෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ බැවින් කොළඹ වරාය තුළ නාවික තදබදය ඉවත් කොට සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑම සඳහා ඉදිරි වසර දෙක ඇතුළත නැඟෙනහිර බහාලු පර්යන්තය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය විසින් ඉන්දියාව සහ ජපාන රජයන් අතර එකඟතාවට පත් ගිවිසුම් අනුව වත්මන් රජය විසින් ණය ලබා නොගෙන කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අගමැතිවරයා පැවසීය.

එමෙන්ම නැඟෙනහිර බහාලු පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරින් පවත්වාගෙන යෑම සඳහා අධ්‍යයනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි සම්මුති හා ව්‍යාපෘති වශයෙන් කමිටු දෙකක් පත් කර ඇති බවද අගමැතිවරයා පැවසීය.

නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ දිග මීටර් එක්දහස් තුන්සිය විස්සක් වන අතර දැනට සංවර්ධනය කර ඇත්තේ මීටර් හාරසිය හතළිහක් වැනි ප්‍රමාණයක් බවද හෙතෙම පැවසීය. සංවර්ධනය කර ඇති මේ කොටස මුළු ව්‍යාපෘතියෙන් සියයට පහළොවක් පමණ වන අතර ඉතිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 590ක් පමණ වැය වන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ වරායේ නැඟෙනහිර බහාලු පර්යන්තය හා බටහිර බහාලු පර්යන්තය කඩිනමින් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිවරයා අවධාරණය කළේය.

noizetv

Related posts

Novelty purses, pocketbooks, handbags are fashion trend

Shiran Viraj

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj

ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

Shiran Viraj
Translate »