27 C
Colombo
2026-02-18
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නේ යයි දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දේහීය වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන්නේ මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසයි.

විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් සිටින බලධාරීන් අතුරු කිසිදු අතුරු ආබාධයක් නැති දේශීය ප්‍රතිකාර වලට අවස්ථාව නොදීමට කටයුතු කරමින් ඇතැයිද චෝදනා කරති.

මෙම තත්ත්වය දේශීය පාරම්පරික ප්‍රතිකාර ක්‍රම හෑල්ලුවට ලක් කිරීමක් යැයිද ඔවුහු කියා සිටිති.

එම සංවිධානය විසින් පේරාදෙණියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

Related posts

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

Shiran Viraj

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

Shiran Viraj
Translate »