mediahumanrights.lk
Local News News

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.

අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ පැවසූහ.

එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටිති.

අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් උන් වහන්මේ පැවසූහ.

මෙම ඩොලර් කාක්කන් නිසා එන ඡුන්දෙන් පැරදිලා ගෙදර යන්න පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡුන්දයක් ඉල්ලන්න බැරි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

Related posts

‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

Shiran Viraj

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj

08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..

Shiran Viraj