mediahumanrights.lk
NewsPolitical

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එම සංචාරකයන් රටට ගෙන්වන ලද්දේම කොරෝනා ආසාදනය වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පූර්ව සූදානමක් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් නැති බවත් ඒ නිසා ඔවුන්ගෙන් කොරෝනා පොකුරක් ඇති වේ යැයි බිය විය යුතු නැති බවද ඒ මහතා කියා සිටියේය.

එම සංචාරකයන් මෙරට සිටින කාලය අතරතුර නවතින හෝටල් වල සියලුම සේවකයන්ද දින දාහතරක් නිරෝධායන කාලයකට ලක්කරන බවත් සංචාරකයන් රැඳී සිටින කාලයේදීත් නිරෝධායනයේ දීත් එම සේවකයන්ට පිට වීමට අවස්ථාවක් නැති බවත් ඇමතිවරයා පැවසීය.

ඒ හේතුවෙන් සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නොනවත්වන බවත් එය සැළසුම් කළ පරිදි දිගටම ක්‍රියාත්මක කරන බවත් තව දුරටත් කියා සිටියේය.

Related posts

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

Shiran Viraj

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Shiran Viraj

තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…

Shiran Viraj
Translate »