mediahumanrights.lk
Local NewsNews

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..

බුරවී සුලි කුණාටුවෙන් පසුව ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පලාත් තුල විපතට පත් පිරිස සීග්‍ර ‍යෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052 කට අයත් පුද්ගලයින් 43,814 ක් පීඩාවට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසා සිටියි.

එමෙන්ම සුලි කුණාටුව හා වර්ෂාව හේතුවෙන් උතුරේ නිවාස 2026 කට අර් ධ හානි සිදුව ඇති අතර පූර් ණ හානි නිවාස 49 ක් බවටද වාර් ථා වන අතර මේ වන විට උතුරු පලාත තුල පිහිට වූ සුභසාධන මධ්‍යස්ථාන 56 කදී පවුල් 2875 කට අයත් පුද්ගලයින් 10,559 දෙනෙකු ජීවත්වන බවටද වාර්ථා වෙයි.

මේ අනුව බුරවී සුලි කුනාටුව හා පසුව ඇදහැලුනු  ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ වැඩිම පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයේ වන අතර යාපනයේ පවුල් 9346 කට අයත් පුද්ගලයින් 31,703 දෙනෙකුද, වෙයි ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 405 පුද්ගලයින් 1149 දෙනෙකුද, වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 137 කට අයත් පුද්ගලයින් 424 දෙනෙකුද, කිලිනොච්චියේ  පවුල් 928 කට අයත් පුද්ගලයින් 2789 දෙනෙකුද මන්නාරමේ පවුල් 2236 කට අයත් පුද්ගලයින් 7749 දෙනෙකු ආපාදවට ලක්ව සිටිති.

සුලං තත්වයන් වර් ෂාවන් හේතුවෙන් යාපනයේ කුඩා දැරියක් ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති අතර ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් මේ වන විට දිස්ත්‍රීක් ලේකම් කාර්යාල අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර් යාල , ආපදා කලමනාකරන කාර් යාල හරහා පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

lankacnews

Related posts

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Shiran Viraj

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

Shiran Viraj

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Shiran Viraj
Translate »