25.9 C
Colombo
2026-01-19
mediahumanrights.lk
International NewsNews

Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?

ඇමරිකාවේ ඖෂධ ව්‍යාපාරයේ පතාකයෙකු වන Pfizer සමාගමේ එන්නත් මිළදී ගැනීමට එක්සත් රාජධානිය තීරණය කළ ද එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Albert Bourla ගෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ මෙම එන්නත ලබා ගන්නා පුද්ගලයින් හරහා සමාජයේ අන් අයට වෛරසය සම්ප්‍රේශණය වන්නේද? නැද්ද? යන්න පිළිබඳව තවමත් පැවසිය නොහැකි බවයි.

ජර්මනියේ BioNTech සමාගම හා ඒකාබද්ධව ඇමරිකාවේ Pfizer සමාගම විසින් නිපදවන ලද මෙම එන්නත 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව පසුගිය මස නිවේදනය කරන ලද අතර පසුගිය බදාදා (02) දින එය ආනයණය හා බෙදාහැරීම සඳහා එක්සත් රාජධානියේ අනුමැතිය ලැබුනි.

කෙසේ වූවද ඇමරිකාවේ වසංගත රෝග විශේෂඥයකු වන Anthony Fauci, එංගලන්තය නිසි අධ්‍යයනයකින් තොරව මෙම අනුමැතිය දීමට ඉක්මන් වීම දැඩි ලෙස විවේචනය කරන අතර [US Food and Drug Administration (FDA)] ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය, Pfizer සමාගමේ මෙම එන්නතට අනුමැතිය දීමට ඉක්මන් නොවී තවදුරටත් එය පුලුල් ලෙස අධ්‍යයනය කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පල කරයි.

ඇමරිකාවේ ප්‍රධාන ඖෂධ සහ එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන Pfizer සහ Moderna සමාගම් දෙකම තරඟකාරීව ඔවුන්ගේ එන්නත් වල සාර්ථකත්වය පිළිබඳව එංගලන්තයේ ද ඖෂධ ව්‍යාපාරිකයින්, සමහර බළධාරීන් හා නිළධාරීන් ද සමඟ ඒකාබද්ධව උස් හඬින් කතා කල ද මෙම එන්නත් වල සාර්ථකත්වය පිළිබඳව තවමත් ගැටලු පවතින බවක් නිරීක්ෂණය වේ.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න:
https://www.rt.com/news/508636-pfizer-vaccine-transmission-covid/

lankaleadnews

Related posts

පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..

Shiran Viraj

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Shiran Viraj

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

Shiran Viraj
Translate »