mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

LPL තරගාවලියට වැයවන සියලූ මුදල් අනුග්‍රාහකයන් මාර්ගයෙන් ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම තරගාවලිය හරහා ආදායමක් ලැබෙන බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

නව ක්‍රීඩා පණතක් ඉදිරි වසර තුල හදුන්වාදීමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

gossiplankanews

Related posts

කඩ කලොත් නීති පියවර ස්ථිරයි "විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?

Shiran Viraj

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

Shiran Viraj

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj