mediahumanrights.lk
Local NewsNews

දෙවනගල විහාරාධිපති හිමි සංවේදී වෙමින් කී කතාව.

විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය, යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති හිමියන් චෝදනා කරන අතර එම ඓතිහාසික පුදබිමේ ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් වාර්තාකිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට වූ සිදුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව විරෝධය පළ කරමින් සිටී.

දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර ඉදිකිරිම් සහ ඉඩම් කොල්ලයන් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. හරහා වාර්තා කළ අතර, එම සිදුවීම වාර්තා කිරීමට ගිය හිරු ටී.වී හෙම්මාතගම ප්‍රදේශීය වාර්තාකරු සමන් විජයබණ්ඩාර මහතාට එහිදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් ඊයේ (01) දින මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර සිටියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විහාරස්ථ දායක සභාව ඊයේ(01) පෙරවරුවේ රැස්වුණ අතර, එහිදී දෙවනගල විහාරාධිපති හිමියන් මෙලෙස සංවේදී වූවා.

lankaleadnews

Related posts

ජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…

Shiran Viraj

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

Shiran Viraj

සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?

Shiran Viraj
Translate »