mediahumanrights.lk
NewsPolitical

කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයි

කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් මේවන විට රට තුල මතුව ඇති දැඩි කථාබහ සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී ඔහු අවධාරණය කලේ කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බවයි.

ඕනෑම තීරණයකින් කිසිඳු විටක ජන කොටසක් පීඩනයට පත් නොවන ලෙස එම තීරණ ගන්නා බව ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පැවසුවා.

කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මීට පෙරද විද්වත් කමිටුවක් පත් කලා. එමඟීන් ඔවුන් තීරණය කර තිබුණේ කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය නොකල යුතු බවයි. මෘත දේහ වල ඇති වෛරස් කාණ්ඩ භූගත ජලයට එක් වීමට ඇති අවධානම ඊට හේතුව ලෙසද ප‍්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යළිත් වරක් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

Related posts

ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනා

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරයට අත්අඩංගුවට ගත් බදියුදීන් සොයුරා ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි බලපෑම්..

Shiran Viraj

විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි

Shiran Viraj
Translate »