2026-01-20
mediahumanrights.lk
NewsPolitical

කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයි

කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් මේවන විට රට තුල මතුව ඇති දැඩි කථාබහ සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදී ඔහු අවධාරණය කලේ කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බවයි.

ඕනෑම තීරණයකින් කිසිඳු විටක ජන කොටසක් පීඩනයට පත් නොවන ලෙස එම තීරණ ගන්නා බව ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පැවසුවා.

කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මීට පෙරද විද්වත් කමිටුවක් පත් කලා. එමඟීන් ඔවුන් තීරණය කර තිබුණේ කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය නොකල යුතු බවයි. මෘත දේහ වල ඇති වෛරස් කාණ්ඩ භූගත ජලයට එක් වීමට ඇති අවධානම ඊට හේතුව ලෙසද ප‍්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යළිත් වරක් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

Related posts

තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEO

Shiran Viraj

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

Shiran Viraj

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj
Translate »