2026-02-12
mediahumanrights.lk
Local NewsNews

කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.

එහි සූත්‍ර කමිටු විසින් පසුගිය විසි එක් වෙනිදා මෙම අනුමැතිය ලබාදුන් බව දේශීය වෛද්ය අමාත්යාංශ ලේකම් කුමාරි වීරසූරිය මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව එම ඖෂධය ආයුර්වේද පාර්තමේන්තුව ලියාපදිංචි කළ බවට ලේකම්වරිය සඳහන් කළාය.

අදාල ලියාපදිංචි කිරීමේ සහතිකය රැුගෙන ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ඊයේ දිනයේ ගියේය.

නමුත් එම සහතිකයේ සටහන්ව ඇති ආකාරය සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර මහතා සිය විරෝධය පළ කළේය.

අදාල සහතිකයේ කිසි තැනෙක කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය ඖෂධය ලෙස සටහන්ව නැති බවත් ඖෂධ නිෂ්පාදනාගාරයකට අවර සීම පමණක් සිදුව ඇති බවටත් කියමින් ඔහු තම විරෝධය එහිදී පළ කළේය.

ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලත් ඖෂධ පමණක් නිෂ්පාදනය කල හැකි යයි එහි සටහන්ව ඇතැයිද ඔහු චෝදනා කළේය.

lankacnews

Related posts

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Shiran Viraj

වර්ග නොකළ කුණුවලට දඩ

Shiran Viraj

බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයි

Shiran Viraj
Translate »