mediahumanrights.lk
Local NewsNews

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ ආයතනය (Gamaleya Institute) සහ මුල්‍ය සම්පත්දායකයින් වන Russian Direct Investment Fund පසුගිය දෙසැ. 11වන දින සිය අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව AstraZeneca සමාගම සමඟ ඒ පිළිබඳ “සහයෝගීතා ගිවිසුම” දෙසැම්බර් 21 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඉදිරියේ දී නිළ වශයෙන් අත්සන් කළ බව Skype තාක්ෂණය ඔස්සේ නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “මෙම ඒකාබද්ධ පර්යේෂණයන්, එන්නත් සහ ඖෂධ පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති” බවයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව නිපදවා ඇති AstraZeneca එන්නත මේ වනවිට වාර්තා කර ඇත්තේ 71%ක සාර්ථකත්වයක් පමණක් වන අතර මේ වනවිට Sputnik V එන්නත 96%ක සාර්ථකත්වයක් වාර්තා කර ඇති බව ගැමලියා පර්යේෂණ ආයතනය සහතික කර තිබීම එංගලන්තයේ මෙම සහයෝගීතා යෝජනාවට හේතු වී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න

https://apnews.com/article/moscow-coronavirus-pandemic-vladimir-putin-europe-russia-c419505981f445dffd46632b0a171e4f

Related posts

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..

Shiran Viraj

ලක්ෂ 66ක දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්

Shiran Viraj
Translate »