28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

වතු ආශ්‍රිත ප්‍රදේශ දෙකක කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසතිදයන් විශාල ප්‍රමාණයක් වාර්තා විම නිසා ඉන් එක් වතු යායක කොටසක් සංචරණ සිමා පැනවිමටත් , තවත් වත්තක කොටසක් හුදකලා කිරිමටත් සෞඛ්‍යය අංශ නිලධාරින් (05) දින සිට කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ පහල කොටසට (05) දින සිට සම්පුර්ණයෙන්ම සංචරණ සිමා පැනවිමටත් , බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යයේ පහල කොටස සම්පුර්ණයෙන්ම (05) දින සිට හුදකලා කිරිමටත් සෞඛ්‍යය නිලධාරින් කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ වත්ත පහල කොටසින් අසාදිතයන් 25 දෙනෙකු හදුනාගෙන අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර  ඇති අතර , (05) දිනයේදි පමණක් එම වතු යායෙන් ආසාදිතයන් 16 දෙනෙකු හමු වි ඇති අතර , ඒ අතර වයස අවු 16 ට පාසල් සිසුන් දෙදෙනෙකු සහ ගැබිණි මවක්ද සිටි බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසුවේ.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යායේ පහල කොටසින් මේ වන විට අසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර එම වතු යායේ වතු නිවාස පේලි 4 ක පදිංචි 147 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

lankacnews

Related posts

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Shiran Viraj

අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්

Shiran Viraj

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

Shiran Viraj
Translate »